×

ගල්ෆ් කලාපයේ ජලමාර්ග පද්ධතියේ ආරක්ෂාවට ඇමරිකාව සමඟ ගිවිසුම් ගැසීමට ජපානය සූදානම් නැහැ?

මැදපෙරදිග ප්‍රධාන ජලමාර්ග පද්ධතිය හරහා ගමන් කරන වෙළඳ නැව් ආරක්ෂා කිරීම සඳහා ඇමරිකාව සමඟ ආරක්ෂක මෙහෙයුමක් දියත් කිරීමට ජපානය එකඟතාව පළ කර නොමැති බව යොමිඋරි පුවත්පත වාර්තා කරයි.


අද (03) දින ජපාන පුවත්පතක් වාර්තා කර තිබූ අන්දමට, මැදපෙරදිග ප්‍රධාන ජලමාර්ග පද්ධතිය හරහා ගමන් කරන වෙළඳ නැව් ආරක්ෂා කිරීම සඳහා ඇමරිකාව සමඟ ආරක්ෂක මෙහෙයුමක් දියත් කිරීමට ජපානය එකඟතාව පළ කර නොමැති අතර ඒ පිළිබඳ පවතින වාර්තා ද සාවද්‍ය වේ.

යොමිඋරි නම් ඒ පුවත්පත වාර්තා කර සිටියේ මෙම ගැටළුව පිළිබඳව ස්වාධීනව තම හමුදාව යෙදවීමට ජපානය කටයුතු කරනු ඇති බවට යි.

ප්‍රධාන තෙල් සැපයුම් පාර්ශවයක් වන ඉරානය සමඟ ඇමරිකාව සමීප ආර්ථික සබඳතා පවත්වන බැවින් ජපානය මෙම වෙළඳ නැව් ආරක්ෂා කිරීමේ මෙහෙයුමේ ප්‍රධාන භූමිකාවක් ගෙන කටයුතු කරන ඇමරිකාව සමඟ සන්ධාන ගත වීමට මැලිකමක් දක්වන බව පෙනී යයි.

යොමිඋරි පුවත්පත සඳහන් කර සිටින්නේ, හෝමූස් සමුද්‍ර සන්ධිය අවට හා යේමනය, ජිබුටි සහ එරිත්‍රියාව අතර පවතින බාබ් අල්-මැන්ඩබ් නම් නැව් මාර්ගය අවට තොරතුරු එක්රැස් කිරීමේ මෙහෙයුම් පිළිබඳ ජපානය සිය සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය (Maritime Self-Defense Force: SDF) යැවීමට අපේක්ෂා කරමින් සිටින බවය.

යම් හෙයිකින් ඉරානය තම එකඟතාව පළ කරන්නේ නම් SDF හි ක්‍රියාකාරී ක්ෂේත්‍රයට හෝමූස් සමුද්‍ර සන්ධිය ද ඇතුළත් කිරීමට ද ජපානය සලකා බලනු ඇතැයි එම පුවත්පත සඳහන් කරයි.

ජපාන රජය මේ පිළිබඳ පැහැදිලි ස්ථාවරයක් මෙම මස අගදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයෙන් පසුව ප්‍රකාශයට පත් කරනු ඇති බවට ද එම පුවත්පත සඳහන් කර සිටියි.

කෙසේවෙතත්, මැදපෙරදිග ප්‍රධාන ජලමාර්ග ආරක්ෂා කිරීම පිළිබඳ සන්ධාන ගත වීමට ඇමරිකානු පාර්ශවයෙන් ඇති කැමැත්ත ඉරානය හෙලා දැක ඇති බවට ද වාර්තා වෙයි. ඉරානය ප්‍රකාශ කර සිටින්නේ මෙම ජලමාර්ග කලාපයේ පවතින රටවලට එම ජලමාර්ග ආරක්ෂා කිරීමේ හැකියාව පවතින බවයි.

පසුගිය කාලවකවානුවේ ගල්ෆ් කලාපයේ යාත්‍රා කළ ජාත්‍යන්තර වෙළඳ නැව් වෙත ප්‍රහාර එල්ල වීම, බ්‍රිතාන්‍ය නෞකාවක් අත්පත් කර ගැනීම වැනි සිදුවීම් මාලාවක් නිසා ගෝලීය වෙළඳාමේ දෙදරුම් කෑමක් සිදුවූ අතර, විවිධ පාර්ශව මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කර සිටියේ ඉරානයට ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි