×

ලොව ජීවත්වන වයස්ගතම පුද්ගලයා ලෙස කේන් ටනාකා ආච්චිගෙන් ගිනස් වාර්ථාවක්.

සෑම දිනකම උදෑසන 6ට අවදි වන ඇය උදේ සිටන්ම කරන්නේ ගණිතය ඉගෙන ගැනීමය.



ඔතෙලෝ පුවරුවේ ක්‍රීඩා කිරීම ජීවිතයේ තමන් කැමතිම දෙය කර ගත් කේන් ටනාකාට වයස අවුරුද් 16කි. ජපානයේ ජීවත්වන ඇය ලෝව දැනට ජීවත් වන වයස්ගතම පුද්ගලයා ලෙස ගීනස් වාර්ථා පොතට ඇතුළු වූවාය.

ජපානයේ ෆුකුයෝකා නගරයේ ජීවත් වන ඇයගේ උපන් දිනය 1903 වසරේ ජනවාරි 2 සිදු වී ඇත. 1922 වසරේ හිඩිඕ ටනාකා සමග විවාහ වූ ඇය තම දරුවන් සිවු දෙනාට අමරව තව එක් දරුවෙකු හදා වඩා ගත්තාය.

සෑම දිනකම උදෑසන 6ට අවදි වන ඇය උදේ සිටන්ම කරන්නේ ගණිතය ඉගෙන ගැනීමය. ඇය එය විනෝදයෙන් කරන්නීය. මින් පෙර ලොව වයස්ගතම කාන්තාව ලෙස ගිනස් වාර්ථාවට ඇතුළු වී සිටියේද ජපන් කාන්තාවකි . චියෝ මියාකෝ නම් වූ ඇයට වයස අවුරුදු 117 වන විට ඇය මිය ගියේ පසු ගිය වසරේ ජූලි මාසයේය.

ජපානය යනු ලොව වයස්ගත ජනගහණය අධිකතම රටයි.මෙසේ මිනිසුන් මිය නොගොස් දිගුකාලයක් ජීවත් වන්නට හේතු ලෙස හදුනාගෙන ඇත්තේ ඔවුන්ගේ සාම්ප්‍රදායික ආහාර වේලයි. නමුත් අද වන විට තරබාරු පුද්ගල සංඛ්‍යාවද වැඩි වෙමින් පවතී ඊට හේතුව වී ඇත්තේද සාම්ප්‍රදායික ආහාර වේලෙන් මිදී පුද්ගලයින් ක්ෂණික ආහාර වෙත යොමු වීම බව සෞඛ්‍ය සංවිධාන පවසයි. ජපන් ජාතිකයන්ගේ ආහාර වේලෙහි ප්‍රධානතම අංගය වූයේ මාළු ආහාරයට ගැනීමය. ඊට අමතරව බත් සහ එළවළු ගැනීමට ඔවුන් යොමු ව සිටි අතර හැකි තාක් මේදය රහිත ආහාර ගැනීඹ ඔවුන්ගේ පුරුද්දයි. ඒ නිසාම සාම්ප්‍රදායික ජපන් ආහාර සදහා ප්‍රිය කරන පිරිස වයස අවුරුදු 80 ඉක්මවා ජීවත් වනු දැකිය හැකිය.

කෙසේ වුවත් මේ වන විට ලොව වැඩිම වයසක් ජීවත්ව ඇත්තේද කාන්තාවකි. ඒ වයස අවුරුදු 122ක් ජීවත් වූ ප්‍රංශ ජාතික කාන්තාවක වන ජීන් ලුයිස් කැල්මෙන්ට් ය.
ගීනස් වාර්ථාවට අනුව ලොව වයස් ගතම පුරුෂයා කවුරුනදැයි යන්න තවමත් ගවේෂණය කරමින් සිටින අතර වයස 113ක් ජීවත් වූ ජපන් ජාතික මසාසෝ නොනාකා මෙතෙක් සිටි වයස් ගතම පුරුෂයා විය. ඔහු පසුගියදා මිය ගියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි