×

කොරෝනා නිසා කිසිසේත් ඔලිම්පික් කල් දමන්නෙ නැහැ -ෂින්සෝ අබේ

වෛරසයේ පැතිරීම හේතුවෙන් ඔලිම්පික් උළෙල කල් තැබීම සමබ්න්ධව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කිරීමෙන් දින දෙකකට පසුව ජපාන අගමරතිවරයා සිය අදහස ප්‍රකාශයට පත් කරන ලදී,


 

ජපානයේ ටෝකියෝහීදී පැවැත්වීමට නියමිතව තිබූ 2020 ඔලිම්පික් උළෙල ට අදාළ කාල සටහන ගෝලීය වසංගතයක් බවට පත් වී ඇති කොරෝනා හෙවත් කොවිඩ් 19 නිසා වෙනස් කිරීමට තමන් කිසිසේත් සූදානම් නැති බව ජපානයේ අගමැතිවරයා පවසයි.

ඔහු පවසන්නේ සැළසුම් කර තිබූ පරිදි එළැඹෙන ජූලි මාසයේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝහීදී පැවැත්වෙනු ඇති බවයි. මේ වන විට කොරෝනා වෛරසය ආසාධිත වූවන් 140000ඉක්ම වූ පිටරිසක් හදුනාගෙන සිටින අතර ඒ හේතුවෙන් මිය ගිය පිරිස 5400 ඉක්මවයි.

IOC හෙවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඇතුළු නිළධාරීන් සමග සාකච්ඡා කළෙමු . ඔලිම්පික් උළෙල පැවැත්ම සම්බන්ධව කිසිදු වෙනසක් ඇති නොවෙනු ඇත. අබේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කලේය.

කොරෝනා පැතිරීම වළක්වමි කෙසේ හෝ සැළසුම් ගත පරිදි ඔලිම්පික් උළෙල පැවැත්වීමට අපට අවශ්‍යයි.

වෛරසයේ පැතිරීම හේතුවෙන් ඔලිම්පික් උළෙල කල් තැබීම සමබ්න්ධව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කිරීමෙන් දින දෙකකට පසුව ජපාන අගමරතිවරයා සිය අදහස ප්‍රකාශයට පත් කරන ලදී,

සංවිධායකයින්, ජපාන රජයේ නිලධාරීන් සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අවධාරනය කර ඇත්තේ සූදානම නිසි පරිදි ක්‍රියාත්මක වන අතර එය කල් දැමීමක් හෝ අවලංගු කිරීමක් සිදු නොවන බවයි.

එංගලන්තයේ පාපන්දු ප්‍රිමියර් ලීග්, එක්සත් ජනපදයේ එන්බීඒ පැසිපන්දු තරගාවලිය සහ ඔගස්ටා මාස්ටර්ස් ගොල්ෆ් මේජර් ආදී ක්‍රිඩා තරග කිහිපයක්ම කොරෝනා වසංගතයත් සමග කල් තබන ලදී.
එමෙන්ම COVID-19 වසංගතයට එරෙහිව හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට අබේට බලය ලබා දෙන නීති සම්පාදනය ජපාන පාර්ලිමේන්තුව විසින් සිකුරාදා අනුමත කළ නමුත් අබේ අවධාරනය කළේ එවැනි ප්‍රකාශයක් තවමත් අවශ්‍ය නොවන බවයි.

කොරෝනා වයිරසය ජපානය පුරා පුද්ගලයින් 700 කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර මරණ 21 ක් පමණ වාර්ථා විය.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රධානී තෝමස් බැච් පසුගිය බ්‍රහස්පතින්දා ජර්මානු රූපවාහිනී නාලිකාවක් වෙත පවසා සිිටියෙලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් සිය සංවිධානය විසින් අනුගමනය කරමින් සිටින නමුත් අත්‍යවශ්‍ය ක්‍රීඩා කටයුතු පැවැත්වීම සිදු කරනු ඇති බවයි. එසේ වුවත් ඔලිම්පික් මේ හේතුවෙන් අවලංගු කර ඇති ඔලිම්පික් සුදුසුකම් සදහා වන ක්‍රීඩා ඉසවු අවලංගු කිරීමට සිදුවීම හේතුවෙන් මේ වන විට බරපතල ගැටළු උද්ගත වී ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි