×

ඉවතලන ඇඳුම් වලින් නිමවෙන 2020 ඔලිම්පික් ක්‍රීඩා ඇඳුම්

රට පුරා ජපන් ජාතිකයන්ගේ ''මතකයන්ගෙන් පෙහෝසත් ක්‍රීඩා ඇදුම් '' ලෙස ඒවා හදුන්වා ඇත.


2020 ඔලිම්පික් උළෙල ජපානයේ පැවැත්වීමට නියමිතය . ඊට සහභාගීවන කණ්ඩායම් සදහා අදුම් නිර්මාණයේදී මෙවර ජපානය ඉවත දමන ඇගූම් නැවත භාවිත කිරීමට සැරසෙමින් සිටී.

මෙසේ ඉවත දමන ඇදුම් වලින් ඔලිම්පික් ක්‍රීඩා ඇදුම් නිපදවීමට අවශ්‍ය අදුම් සපයා ගැනීමට මේ වන විට ජපානය විසින් ප්‍රචාරණ ව්‍යාපාරයක් මෙන්ම රට පුරා ඇදුම් එකතු කිරීමේ ව්‍යාපාරයක්ද දියත් කර ඇත. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ මේ සදහා අවශ්‍ය 30000ක් පමණ ඇගළුම් මහජනයා අතරින් සහ ක්‍රීඩකයන්ගේ පරිත්‍යාග තුළින් ලබා ගැනීමටය.

මෙම ව්‍යාපෘතිය භාරව කයුතු කරන The Asics Reborn Wear Project (ARWPJ) මගින් මෙහි ප්‍රචාරණ කටයුත් පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ කරන ලද අතර රට පුරා ජපන් ජාතිකයන්ගේ ”මතකයන්ගෙන් පෙහෝසත් ක්‍රීඩා ඇදුම් ” ලෙස ඒවා හදුන්වා ඇත.
තමන් විසින් භාවිත කර අවසන් කළ නමුත් ඔලිම්පික් ක්‍රීඩකයන් සදහා සුදුසු ඇදුම් නිපදවීමට සුදුසු යැයි සිතෙන ඇදුම් ජනවාරි මස 24 වන දින සිට මැයි මස 31 වන දින දක්වා ගෙනවිත් භාරද දීම සදහා ජපානය පුරා ඒ සදහා සැකසූ පෙට්ටි ස්ථාපිත කර ඇත‍

මේ වෙනුවෙන් රටපුරා මහජනතාව මෙන්ම ක්‍රීඩකයන්ද ඉතා උද්යොගයෙන් සිය සහයෝගය මේ වන විටත් ලබා දෙමින් සිටී, මින් පෙර ඔලිම්පික් ක්‍රිඩා උළේල සදහා ජපානය වෙනුවෙන් තෙවතාවක් රන් පදක්කම් ලබා ගත් සඕරි යොෂඩාද මේ සදහා දායක වූවන්ගෙන් ඒක් අයෙකි.
2030 වන විට දැනට සිදු කරන කාබන් ඩයෝක්සයිඩ් විමෝචනය තුන් ගුණයකින් අඩු කිරීමට ජපානය සැරසෙමින් සිටින අතර ඔලිම්පික් ඇදුම් වෙනුවෙන් ගත් මෙම තීරණයද එහි එක් පියවරකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි