×

ජපානයේ පාරිභෝගික මිල ගණන් 4%කින් ඉහළට

එය 1981පසු විශාලතම වැඩිවීමයි.


ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකයේ පාරිභෝගික මිල ගණන් වසරින් වසර සියයට 4 කින් ඉහළ ගොස් ඇති බව රජයේ දත්ත වාර්තා කර තිබේ. එය 1981පසු විශාලතම වැඩිවීමයි.

1991න් පමණ පසු ජපානයේ උද්ධමනය එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි රටවලට වඩා බෙහෙවින් පහළින් පැවතිනි. කෙසේ නමුත් පසුගිය දෙසැම්බරයේ ඉහළ ගිය බලශක්ති මිල ගණන් හේතුවෙන් මේවන විට උද්ධමනය ඉහළ ගොස් ඇත.

මේ වන විට ජපානයේ ආර්ථීක විශ්ලේෂකයන් විසින් උද්ධමනය පාලනය කිරීම වෙනුවෙන්, ජපන් බැංකුව (BOJ)හි පොලි අනුපාතය ඉහළ දමන්නේ කෙසේද යන්න පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වන අතර, BOJ වත්මන් අධිපති හරුහිකෝ කුරෝඩාගේ ධූර කාලය අප්‍රේල් මාසයේදී අවසන් වීමට නියමිත අතර ඔහු පවතින තත්වය පිළිබඳ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ වැටුප් තව දුරටත් ඉහළ යන තෙක් අතිශය ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තමා කැමති බවයි.

කෙසේ නමුත්, ජපානයේ අඟලුම්හි දැවැන්තයා වන යුනික්ලා හා ජපන් කම්කරුවන්ගෙන් අතිමහත් බහුතරයක් සේවයේ යොදවා ඇති කුඩා සමාගම් විසින් ඉහල යන මිල සහ නරක අතට හැරෙන ශ්‍රම හිඟය මධ්‍යයේ වැටුප් වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි