×

Javier Millayට දූෂණ චෝදනා!

Javier Millay accused of corruption


රෂිකා හෙන්නායක පෙබරවාරි 18 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ආර්ජන්ටිනා ජනාධිපති Javier Millay සමාජ මාධ්‍ය භාවිතා කරමින් ක්‍රිප්ටෝ කරන්සි ප්‍රවර්ධනය කළ බවට දූෂණ චෝදනා එල්ල වී තිබෙන බව වාර්තා වේ. ඒ හේතුවෙන් ජනාධිපතිවරයා වංචාවකට සම්බන්ධ බව විපක්ෂය චෝදනා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් සඳහන් කරන්නේ, ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරන බවයි එමෙන්ම ජනාධිපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව ද විපක්ෂය පවසයි.

නීතිඥවරුන් කණ්ඩායමක් කටයුතු කර ඇත්තේ, ජනාධිපතිවරයාට එරෙහිව එරට අපරාධ අධිකරණයේ චෝදනා ගොනුකිරීමටයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි