×

මස්ක් පරදා බෙසෝස් නැවතත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි! 

මේ වන විට බෙසෝස් ගේ ධනය ඩොලර් බිලියන 191 ක් බවත්, මස්ක් සතු ධනය ඩොලර් බිලියන 190 ක් බවත් එම දර්ශකයෙන් පෙන්වා දෙයි.


ජෙෆ් බෙසෝස් නැවතත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇති බවට වාර්තා වේ.

මීට සති හයකට ඉහතදී Amazon සමාගමේ අධිපති බෙසෝස් පරදා Tesla සමාගමේ අධිපති එලෝන් මස්ක් මහතා ලොව ධනවත්ම පුද්ගලයා බවට පත් විය.

එහෙත්, ලොව ධනවත්ම පුද්ගලයින් ලැයිස්තු ගත කරන Bloomberg Billionaires’ Index විසින් බෙසෝස් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා බවට නම් කර තිබේ.

ඉකුත් අඟහරුවාදා (16) දින Tesla සමාගමේ කොටස් සියයට 2.4 කින් පහත වැටී තිබූ අතර, එමඟින් ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක පාඩුවක් සිදුව තිබිණි.

මහා කොටස් වෙළඳපොලෙහි අවම වීමක් හටගත් නිසා බෙසෝස් ගේ ශුද්ධ වටිනාකමේ පහත යාමක් පෙන්නුම් කර තිබිණි.

කෙසේවෙතත්, එමඟින් ඇතිවූ අලාභය ඩොලර් මිලියන 372 ක් පමණ වීම මත බරපතල තත්ත්වයක් හට ගෙන නොමැති බවද වාර්තා වේ.

එම තත්ත්වය තුළ ඔහු ඉපයූ ධනය මස්ක් පරදා යළි ලොව ධනවත්ම පුද්ගලයා යන විරුදාවලිය ලබා ගැනීමට ප්‍රමාණවත් වූ බවයි Bloomberg Billionaires’ Index දර්ශකය පෙන්වා දෙන්නේ.

මේ වන විට බෙසෝස් ගේ ධනය ඩොලර් බිලියන 191 ක් බවත්, මස්ක් සතු ධනය ඩොලර් බිලියන 190 ක් බවත් එම දර්ශකයෙන් පෙන්වා දෙයි.

ඩොලර් බිලියන 137 ක ධනයක් දරමින් බිල් ගේට්ස් මහතා ලොව තෙවැනියට ධනවත්ම පුද්ගලයා ලෙස ශ්‍රේණිගත වී තිබීම ද විශේෂත්වයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි