×

ඇමසෝන් ප්‍රධානියාගෙන් ඇමරිකාව පෝෂණයට ඇ.ඩො. මිලියන 100ක්

කොරෝනා වෛරස් වසංගතය අතරතුර රැකියා අහිමිවන ඇමරිකානුවන් වැඩි සංඛ්‍යාවක් පෝෂණය කිරීම සඳහා ඇමසෝන් ප්‍රධානී ජෙෆ් බෙසොස් එක්සත් ජනපද ආහාර බැංකුවලට ඩොලර් මිලියන 100 ක් පරිත්‍යාග කර ඇත.


කොරෝනා වෛරස් වසංගතය අතරතුර රැකියා අහිමිවන ඇමරිකානුවන් වැඩි සංඛ්‍යාවක් පෝෂණය කිරීම සඳහා ඇමසෝන් ප්‍රධානී ජෙෆ් බෙසොස් එක්සත් ජනපද ආහාර බැංකුවලට ඩොලර් මිලියන 100 ක් පරිත්‍යාග කර ඇත.

මේ අනුව ඔහු චිකාගෝහී ෆීඩිං ඇමරිකා නම් ආයතනයට සිය පරිත්‍යාගය සිදු කර අතර එම ආයතනයට අයත් ආහාර බැංකු 200ක් පමණ ඇමරිකාව පුරා ව්‍යාප්තව ඇත.

View this post on Instagram

Even in ordinary times, food insecurity in American households is an important problem, and unfortunately COVID-19 is amplifying that stress significantly. Non-profit food banks and food pantries rely in large part on surplus food from a range of food businesses. For example, many restaurants donate excess food. But during this time of social distancing, restaurants are closed, and many other normal channels of excess food have also shut down. To make matters worse, as supply is dwindling, demand for food bank services is going up.⁣ ⁣ Today, I want to support those on the front lines at our nation’s food banks and those who are relying on them for food with a $100 million gift to @FeedingAmerica. Feeding America will quickly distribute the funds to their national network of food banks and food pantries, getting food to those countless families who need it.⁣ ⁣ Feeding America is the largest non-profit focused on food security. Millions of Americans are turning to food banks during this time. If you want to help, the link to Feeding America is in my bio. They’d be excited and grateful for donations of any size.

A post shared by Jeff Bezos (@jeffbezos) on

“සාමාන්‍ය කාලවලදී පවා ඇමරිකානු කුටුම්භවල ආහාර අනාරක්‍ෂිතතාවය වැදගත් ගැටළුවක් වන අතර අවාසනාවකට මෙන් කොවිඩ් -19 එම ආතතිය වැඩි කරයි” යනුවෙන් බෙසෝස් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුව වෙත ආහාර බැංකුවක ඡායාරූපයක් පළ කරමින් කියා සිටියේය. අවන්හල් වසා ඇති බවත්, නොමිලේ ආහාර සපයන බොහෝ පල්ලි ද වසා ඇති බවත් ඔහු සඳහන් කළේ සමාජ දුරස්ථ බව ඇති කිරීමේ නියෝග නිසා බවද ඔහු එහි සටහන් කළේය.

“ඔබට උදව් කිරීමට අවශ්‍ය නම්” සංවිධානය ඕනෑම ප්‍රමාණයක පරිත්‍යාග සඳහා විවෘතව සිටින බව පවසමින් බෙසොස් සිය ඉන්ස්ටග්‍රෑම් බයෝවේ ෆීඩිං ඇමරිකා වෙත පිවිසිය හැකි සබැඳියක් ද සටහන් කර ඇත.

කොරෝනා වෛරසය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සහන ප්‍රයත්නයකට බෙසෝස් පරිත්‍යාග කළ පළමු අවස්ථාව මෙය නොවේ. මාර්තු 23 වන දින, ආහාර සුරක්‍ෂිතතාව සහ නිවාස ඇතුළු පුණ්‍ය කටයුතු සඳහා අරමුදල් සපයන ඕල් ඉන් සියැටල් සන්ධානයට දායක වූ දුසිම් ගනනක් අතර ඔහුද විය. එම සන්ධානයෙන් මිලියන 27ක පමණ ආධාර මුදල් එක් කර ජනතාව වෙත බෙදා දුන් බව සදහන්.

ඇමසෝන් කම්කරුවන්ට උපකාර කිරීම සඳහා ඔහුගේ ධනයෙන් යම් ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලෙස සමාජ මාධ්‍යවල පුද්ගලයින් බෙසෝස්ගෙන් ඉල්ලා තිබේ. ඒ අනුව මාර්තු අග දී ඔහු විසින් සේවකයින් සහ හවුල්කරුවන් සඳහා සහන අරමුදලකින් ඩොලර් මිලියන 25 ක් පරිත්‍යාග කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි