×

ලොව ධනවත්ම මිනිසා දික්කසාද වෙයි.

ලෝකයේ ධනවත්ම මිනිසා වන ඇමසන් ප්‍රධානී ජෙෆ් බෙසොස් සහ බිරිඳ මැකෙන්සී වසර 25ක විවාහ ජීවිතය අවසන් කරමින් දික්කසාද වීමට තීරණය කර තිබේ.


ජෙෆ් බෙසොෆ් (Jeff Bezos) සහ ඔහුගේ බිරිඳ විසින් ට්විටර් ඔස්සේ මෙම තීරණය දෙදෙනා එක්ව ප්‍රකාශ කර තිබිණි.

මීට පෙර ඔවුන් පවසා තිබුණේ තමන් අති සාර්ථක යුග දිවියක් ගත කරමින් සිටින බවයි. නමුත් ඔවුන්ගේ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ, ‘‘ආදරය පිළිබඳ දිගු කාලයක ගවේෂණයකින් සහ, වෙන්ව සිටීම් අත්හදා බැලීමෙන් පසු‘‘ මෙම තීරණය ගත් බවයි.

දෙදෙනා මින් ඉදිරියට මිතුරන් සේ සිටීමට තීරණය කළ බව ද එහි තවදුරටත් දැක්වෙයි. ‘‘අපට එකිනෙකා සොයාගැනීමට හැකි වීම අතිශය වාසනාවන්ත දෙයක් ලෙස සලකමු. අප විවාහ වී සිටි කාලය වෙනුවෙන් අපි එකිනෙකාට මහත් සේ කෘතඥ වෙමු‘‘ යනුවෙන් ද එහි දැක්වේ.

REUTERS
| REUTERS

ඇමසන් සමාගමේ ඉතිහාසය ද ජෙෆ් බෙසොෆ්ගේ කසාද ජීවිතය ද එකම වයසක පසුවීම විශේෂත්වයකි.

වසර 25කට විවාහ වූ ජෙෆ් බෙසොස්, ඇමසන් සමාගම පිහිටවූයේ ද වසර 25කට පෙර ය. ඔවුන්ගේ මෙම දික්කසාදය පිළිබඳ පුවත වාර්තා වන මේ සතියේම, ඇමසන් සමාගම, මයික්‍රොසොෆ්ට් සමාගම පරාජය කරමින් ලෝකයේ වැඩිම වටිනාකමකින් යුක්ත සමාගම බවට පත්වීම තිබීම ද තවත් විශේෂත්වයකි.

බ්ලූම්බර්ග් කෝටිපතියන්ගේ දර්ශකය (Bloomberg Billionaire Index)ට අනුව මේ වන විට ලෝකයේ ධනවත්ම මිනිසා වන්නේ ද ජෙෆ් බෙසොස් ය. ඔහුගේ ධනය ඇමරිකානු ඩොලර් බිලියන 137 කි. බිල් ගේට්ස්ට වඩා ඔහු ඇමරිකානු ඩොලර් බිලියන 45 කින් ධනවත් ය.

GETTY IMAGES
ඔවුන් දෙදෙනා මුලින්ම හමුවී තිබෙන්නේ ඇය, ඔහුගේ සමාගමක රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පැමිණි විට ය. | GETTY IMAGES

ජෙෆ් බෙසොස් 54 හැවිරිදි වන අතර,  බිරිඳ මැකෙන්සී 48 හැවිරිදි ය. ඇය The Testing of Luther Albright (2005) සහ Traps (2013) යන නවකතා රචනා කළ ලේඛිකාව ද වේ. ඔවුන්ට දරුවන් 4 දෙනෙකු සිටියි. එයින් එක් අයෙක්, හදාගත් දියණියකි.

ජෙෆ් සහ මැකෙන්සී එකතුව දියත් කළ ව්‍යාපෘති ද රාශියකි. ඒ අතරින් පසුගිය වසරේදී ආරම්භ කළ Day One Fund පුණ්‍ය අරමුදල මගින් හිසට සෙවණක් නොමැති පවුල්වලට ආධාර කිරීමත් අඩු ආදායම් ලාභී ප්‍රජාවන්ට පෙර පාසල් ඉදිකර දීමත් ඇතුළත් ය.

මේ අතර ඇමරිකාවේ TMZ වැනි පුවත් සේවාවන් පවසන්නේ ජෙෆ් බෙසොස් මේ වන විට Fox TV හි හිටපු රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නියක් වන ලෝරස් සෑන්චස් සමග පසුගිය වසරේ අග භාගයේ පටන් අනුරාගී සම්බන්ධතාවයක් ආරම්භ කර ඇති බවයි.

Danilfineman
හිටපු Fox TV නිවේදිකාව සෑන්චෙස්| Danilfineman
TMZ
ඇය දැන් ජෙෆ් බෙසොස්ගේ අලුත් පෙම්වතිය බව කියැවේ | TMZ

1993 වසරේදී, රැකියා සම්මුඛ පරීක්ෂණයකදී හමුවී මාස 3 ක් වැනි කෙටි කලක් පෙම් කර කඩිනම් විවාහයකින් ඇරඹුණු බෙසොස්-මැකෙන්සී ආදර කතාව මේ අනුව නිමා වීමට නියමිත වුණත්, ඔවුන් දෙදෙනා එක්ව නිකුත් කළ ට්විටර් පණිවුඩයේ තවත් අපූරු වාක්‍යයක් ඇත.

‘‘If we had known we would separate after 25 years, we would do it all again.‘‘

‘‘වසර 25කට පසුව අප වෙන් වන බව දැන සිටියා නම්, සියල්ල මුල සිට කරන්නට අපට හැකිව තිබිණි.!“



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි