×

ජෙෆ් බෙසොස් ඇමසෝන් හී ප්‍රධාන විධායක ධූරයෙන් ඉවත් වීමට තීරණය කරයි

ඉවත් වීමෙන් පසු ඔහු විධායක සභාපති ධුරයට පත්වනු ඇති අතර, මේ හේතුවෙන් ඔහුගේ අනෙක් ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කිරීමට ඔහුට කාලය හා ශක්තිය ලැබෙනු ඇති බව ඔහු අපේක්ෂා කරයි.


 

ඇමසෝන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් මීට වසර 30 කට පමණ පෙර සිය ගරාජයේ ආරම්භ කළ ඊ-වාණිජ්‍යය දැවැන්තයාගේ ප්‍රධාන විධායක ධූරයෙන් ඉවත් වීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරයි.

එසේ ඉවත් වීමෙන් පසු ඔහු විධායක සභාපති ධුරයට පත්වනු ඇති අතර, මේ හේතුවෙන් ඔහුගේ අනෙක් ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කිරීමට ඔහුට කාලය හා ශක්තිය ලැබෙනු ඇති බව ඔහු අපේක්ෂා කරයි.

ලොව ධනවත්ම පුද්ගලයා වන බෙසෝස් වෙනුවට එම ධූරයට දැනට ඇමසෝන් හී cloud computing ව්‍යාපාරයේ නායකත්වය දරන ඇන්ඩි ජැසි පත් කරනු ඇත. මෙම වෙනස 2021 දෙවන භාගයේදී සිදුවනු ඇතැයි සමාගම පවසයි.

“ඇමසෝන් හි ප්‍රධාන විධායක නිලධාරියා වීම ගැඹුරු වගකීමක් වන අතර එය විශාල කාලයක් හා ශක්තියක් පරිභෝජනය කරයි. ඔබට එවැනි වගකීමක් ඇති විට වෙනත් කිසිවක් කෙරෙහි අවධානය යොමු කිරීම අසීරු ය” යනුවෙන් බෙසොස් අඟහරුවාදා ඇමසෝන් කාර්ය මණ්ඩලයට ලිපියක් යවමින් පැවසීය.

“විධායක සභාපති ලෙස මම ඉදිරියටත් ඇමසෝන් සමග සිටිමි. එසේම මේ හේතුවෙන් Day 1 Fund, the Bezos Earth Fund, Blue Origin, The Washington Post සහ මගේ අනෙකුත් ආශාවන් කෙරෙහි අවධානය යොමු කිරීමට අවශ්‍ය කාලය හා ශක්තියද ලැබෙනු ඇත.” ඔහු තවදුරටත් පැවසීය.

57 හැවිරිදි බෙසෝස් 1994 දී ඇමසෝන් සමාගම ඔන්ලයින් පොත් සාප්පුවක් ලෙස ආරම්භ කළේය. මේ වන විට සමාගම ලොව පුරා මිලියන 1.3 ක ජනතාවක් සේවයේ යොදවා ඇති අතර පැකේජ බෙදා හැරීම සහ වීඩියෝ පට ප්‍රදර්ශනයේ සිට cloud computing සේවා සහ වෙළඳ ප්‍රචාරණය දක්වා සෑම දෙයකටම අත තබා ඇත. ෆෝබ්ස් හි ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවට අනුව ඔහු ඩොලර් බිලියන 196.2 ක ධනයක් රැස් කරගෙන තිබේ.

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි