×

ග්‍රැමී සම්මාන ලාභී ඔපෙරා තරුව, ජෙසී නොර්මන් දිවියෙන් සමුගනී

.


ඇමරිකානු ඔපෙරා ගායිකවක වූ ජෙසී නොර්මන් මිය ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි. ජෝර්ජියානු ජාතික කාන්තාවක් වන ඇය ඔපෙරා සංගීත ක්ෂේත්‍රයේ හිනිපෙත්තට නැගි කළු ජාතික කාන්තාවන් අතලොස්සකගෙන් අයෙකි.

1970 වසරේදී මුළින්ම යුරෝපයේදී සිය දස්කම් දැක්වූ ඇය 1983 වසරේදී ඇමරිකාවේ නිවුයෝර්ක් නගරයේ මොට්‍රොපොලිටන් ඔපෙරා හී දී ඔපෙරා ගායිකාවක් ලෙස ලෝකයේ අවධානය මුලින්ම දිනා ගත්තා ය.

President Barack Obama presents the 2009 National Medal of Arts to singer Jessye Norman

1945 වසරේ සැප්තැම්බර් 15 වන දින උපත ලැබූ ජෙසී නොර්මන් වොෂින්ටන් හී හෝවාඩ් විශ්ව විද්‍යාලයේ සංගීතය පිළීබදව වැඩි දුර අධ්‍යාපනය ලබා ඇත.

ඇමරිකානු ජනපති රොනල්ඩ් රේගන් සහ බිල් ක්ලින්ටන් ජනපති ධූරයට පත් සමාරම්භක උත්සවයන් හීදී සිය ගායනා ඉදිරිපත් කළ ඇය එංගලන්තයේ එළිසබත් රැජිණගේ 60 වන උපන්දින සැමරුමද අලංකාර කළ සුප්‍රසිද්ධ ඔපෙරා ගායිකාවකි.
2006 වසර සදහා ග්‍රැමී සම්මානයෙන් සහ තවත් සම්මාන රැසක් දිනාගෙන ඇති ජෙසී නොර්මන් ඔපෙරා සංගීත ක්ෂේත්‍රයට සිදු කර ඇත්තේ අමිල මෙහෙවරකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි