×

කුරුල්ලෙකු සේ පැරිස් අහසේ ඉගිල ගිය සපාටා..

ප්‍රංශ ජාතික ෆ්‍රැන්කි සපාටාගේ මෙම නව සොයා ගැනීම අනාගත මිනිසාගේ ගමනාගමනය නව මානයකට ගෙන යනු ඇත.


පසුගියදා ප්‍රංශයේ පැරිස් නගරයම එකෙණෙහි පුදුමයෙන් ඇලලී ගියේය. අහසෙහි ඇවිදින මිනිසෙක් දැක ගත හැකි වීම සියල්ලන්ගේම පුදුමයට හේතු විය. ඒ 40 හැවිරිදි සපාටාය. එදින පැරීසියේ පැවති ආරක්ෂක පෙළපාලියකදී ඔහු මෙම වික්‍රමය පෑවේය.

කාලාන්තරයක් තිස්සේ නිදහසේ ඉහළ අහසේ ඇවිද යෑම මිනිසුන්ට තිබූ සිහිනයකි. සපාටාගේ ස්වයංක්‍රීය flying board (පියාසර පුවරුව) පැරිස් නගරයට අඩි 500ක් ඉහළින් ඉගිල යෑම ඒ සීහිනය සැබෑ කර ඇත.

කුරුල්ලෙක් සේ ඉහළින් පියාසර කිරීමට හැකිවීම…?
ෆ්‍රැන්කි සෆාටා කුඩා කල සිට මැවූ සිහිනය එයයි. වර්ණ අන්ධතාවයෙන් පෙලෙන්නෙකු වුවද ඔහු සිය සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් කැප විය. අහස් යානයක් නැතිව පියාඹන්න.. කුරුල්ලෙක් මෙන් .. ඔහු සැම විටම ඒ පිළිබදව සිතුවේය. පසුගියදා පැරිස් අහසේ දැක ගත හැකි වූයේ ඔහුගේ සිහිනය ඔහු විසින්ම සැබෑ කර ගත් අයුරුය.


සෆාටාගේ මෙම flying board එක පැයට කිලෝමීටර් 140ක වේගයෙන් අඩි 500ක ඉහළින් පියාසර කළ හැකි එකකි. පාපුවරුවක් මෙන් පාද වල රදවා ගැනීමෙන් පසු තමන්ට අවශ්‍ය දිශාවට හැරවීමේ හැකියාවද ස්වයංක්‍රීයව සිදු කළ හැකි වෙයි.
මෙම flying board එක නිර්මාණය කිරීමට ඔහුට වසර තුනක් ගත වී ඇත. ජෙට් යානයක තාක්ෂණය ආධාරයෙන් සාදා ඇති මෙය . වාණිජමය මට්ටමෙන් භාවිතා කිරීමට තව දුරටත් දියුණූ කරමින් තිබෙන බව සෆාටා පවසයි.

මෙම උපකරණය හැසිරවීමේදී පවතින අවධානම පිළිබදව සෆාටා පවසන්නේ ඉතා අවධානයෙන් සහ සිහිකල්පනාවෙන් මෙම උපකරණය භාවිත නොක හොත් එය අනතුරු දායක විය හැකි බවයි.
සෆාටාගේ මී ළග සිහිනය වන්නේ ඉංග්‍රීසි ඕඩය හරහා සිදු කළ  පළමු ගමන සිහිකරමින් එහි 10 වන සැමරුම් දිනයේදී ප්‍රංශයේ සිට එංගලන්තයට සිය flying board එක ආධාරයෙන් තරණය තිරීමටය.
ඔහුගේ බලාපොරොතුතුව පරිදි ඔහු සාර්ථක වුවහොත් එය නව වාර්ථාවක් වනු ඇත.

මම මගේ ජීවිතයේ අහස්යානය වෙනවා.. ඔහු සිය අනාගතය පිළිබදව සිටින්නේ එවැනි අදහසකය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි