×

මොහොතකට පෙර විවෘත වූ ලොව උසම ගෘහස්ත දිය ඇල්ල පිහිටි සුන්දරම ගුවන් තොටුපල

උසම ගෘහස්ත දිය ඇල්ල විශ්මිත නිර්මාණයකි. එහි උස මීටර් 40කි. එය ගුවන්තොටුපලේ හරි මැද පිහිටා ඇත. අහසින් වැටෙන ජල ධාරාවක් මෙන් දිස්වන මෙම දිය ඇල්ල සැබෑම දිය ඇල්ලක් ලෙස ඒ දෙස දකින්නෙකුගේ සිතේ මැවෙන්නේ දිය ඇල්ලක් ගලන විට නැගෙන විශාල ශබ්ද පවා ඇසෙන්නට ඉඩ සළස්වා ඇති බැවිනි.



වසර 4ක් තිස්සේ සිදු කළ ඉදි කිරීම් මෙන්ම මාධ්‍ය ආවරණයන්ද සමග පැමිණි දිගු ගමනට නිමාවක් දෙමින් සිංගප්පූරුව පමණක් නොව ලෝකයම මග බලා සිටි ජුවෙල් චන්ගි ගුවන්තොටුපල මීට මොහොතකට පෙර මහජනතාව වෙනුවෙන් විවෘත කෙරිණි.

ඇතුල් වූ විට නාට්‍යානුසාරී සුන්දර වටපිටාවක අසිරිය දැනෙන මෙම ගුවන්තොටුපල වචනයේ පරිසමාප්තාර්තයෙන්ම අති සුන්දර නිර්මාණයකි. වර්ග මීටර් 135700ක ප්‍රමාණයෙන් යුත් මෙම ගුවන් තොටුපළ විවිධ ආකාරයේ පසුබිම් සහිතව විවිධ මිනිස් අවශ්‍යතාවන්ට අනුව සකස්වුණ එකකි. මෙහි පර්යන්ත ගණන 4කි.

ජුවෙල් චන්ගි විවෘත වීමත් සමග එය ලොව අගනාම ගුවන්තොටුපල බවට පත් විය. සිංගප්පූරු ඩොලර් බිලියන 1.7ක් වැය කර ඉදි කළ මෙම ගුවන්තොටුපළ තට්ටු 10කින් යුක්ත වෙයි. ඉන් පහක් පොළොව යටත ඉතිරි පහ පොළොව මතුපිටද පිහිටා ඇත.

HSBC Rain Vortex හෙවත් ලොව උසම ගෘහස්ත දිය ඇල්ල විශ්මිත නිර්මානයක් වෙයි. එහි උස මීටර් 40කි. එය ගුවන්තොටුපලේ හරි මැද පිහිටා ඇත. අහසින් වැටෙන ජල ධාරාවක් මෙන් දිස්වන මෙම දිය ඇල්ල සැබෑම දිය ඇල්ලක් ලෙස ඒ දෙස දකින්නෙකුට මැවෙන්නේ දිය ඇල්ලක් ගලන විට නැගෙන විශාල ශබ්ද පවා ඇසෙන්නට ඉඩ සළස්වා ඇති බැවිනි. මෙම දිය ඇල්ලෙහි සමන්විතව ඇත්තේ එකතු කළ වර්ෂා ජලයයි.

මෙහි පැමිනෙන ගුවන් මගීන් සදහා ආහාර ලබා ගැනීමට භොජනාගාර 280ක් මෙහි පිහිටා ඇති අතර මෙහි තවත් විශේෂත්වයක් වන්නේ හරිතාගාරයක සිටිනවාක් මෙන් හැගීමක් ඇතිවන ස්වභාවිකත්වය ඉස්මතු කළ වට පිටාවය. පැමිණෙන්නන් හට ඇති දමට තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් මිලදී ගත හැකි සාප්පු සංකීරණ වලින්ද මෙය සමන්විතය. ලොකයේ අනෙක් ගුවන් පර්යන්ත මෙන ඕනෑම අයෙකුට ඇතුළු විය නොහැකි හදු ගුවන් තොටුපළක් පමණක් නොවන ජුවෙල් චන්ගි ගුවන්තොටුපලෙහි අසිරිය දැක ගන්නට ඕනෑම අයෙකුට එහි පිවිසිය හැකිය.
ගුවන් තොටුපළෙහි නව ගෘහනිර්මාණශිල්පියා වන්නේ මොෂේ සෆ්ඩි ය. ඔහුගේ ගෘහනිර්මාණාත්මක අදහස් සමග මේ අලංකාර ගුවන්තොටුපල නිර්මාණය වී ඇත.

මෙහි එන ගුවන් මගීන්ට සැළසෙන වාසි බොහෝමයකි. සංගප්පූරුවෙන් පිටව යන මෙන්ම සංගප්පූරුවට පැමිණෙන ඕනෑම අයෙකුට මනරම් මෙන්ම දර්ශනීය පරිසරයක පහස සළසා දෙනවාට අමතරව නොමිලේ අන්තර්ජාල පහසුකම මෙන්ම පැය 12ක කාලයක් සදහා power bank ලබා දීම ආදියද සිදු වේ. එපමණක් නොව වැඩි වේලාවක් සිය මී ළග ගුවන් යානය එනතුරු බලා සිටින ගුවන් මගීන්ට IMAX සිනමා හල් 11ක්ද මෙහි අඩංගු වෙයි.

Jewel’s Shiseido Forest Valley යනු මෙම ගුවන් තොටුපලේ තට්ටු 4ක පිහිටා ඇති උද්‍යාන පරිසරයන්ය. එහි වපසරිය වර්ග අඩි 235000කි. ඒ ඕනෑම තැනකට දිය ඇල්ලෙහි ශබ්දය ඇසෙන්නට ඉඩ සළස්වා ඇත. උද්‍යාන නගර යන සංකල්පය යටතේ මෙම ගුවන් තොටුපළ නිර්මාණය කර ඇත.


ජුවෙල් චන්ගි ගුවන්තොටුපල ලොකයේ නගර 400ක් යාකරමින් ගුවන් සේවාවන් 100කට වඩා ක්‍රියාත්මක කරවමින් සිටී, එය ලොව කාර්යබහුලම ගුවන්තොටුපල 7 අතරින් එකක් වේ. තවදුරටත් මෙහි විවිධ වෙනස්කම් මෙන්ම නව ඉදිකිරීම් සිදු කරන්නට නියමිත වන අතර 2030 වන විට ජුවෙල් චන්ගි ගුවන්තොටුපල වෙත අපේක්ෂා කරන ගුවන් මගීන් ප්‍රමාණය වාර්ෂිකව මිලියන 140ක් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි