×

ඇමරිකාවේ කෙනඩි ගුවන් පාලක මධ්‍යස්ථානයත් වසා දමයි!

ඇමරිකානු රාජ්‍ය ගුවන් පරිපාලන (U.S. Federal Aviation Administration: FAA) මධ්‍යස්ථානය පවසා සිටියේ නිව් යෝර්ක් නගරයේ නව කොරෝනා ආසාදිත පුද්ගලයින් වාර්තා වීම තුළ මෙම තීරණය ගත් බවයි.


ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටා ඇති ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපළේ ගුවන් පාලක කුළුණ වසා දැමීමට තීරණය කර තිබේ.

ඇමරිකානු රාජ්‍ය ගුවන් පරිපාලන (U.S. Federal Aviation Administration: FAA) මධ්‍යස්ථානය පවසා සිටියේ නිව් යෝර්ක් නගරයේ නව කොරෝනා ආසාදිත පුද්ගලයින් වාර්තා වීම තුළ මෙම තීරණය ගත් බවයි.

මීට අමතරව ඉන්ඩියානාපොලිස් මාර්ග ගමනාගමන පාලන මධ්‍යස්ථානයේ කොටසක් වසා දෑමීමට තීරණය කළ බවද FAA මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටියි.

ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපළේ තාක්ෂණික නිලධාරියකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, මේ හේතුවෙන් සියළු ගුවන් පාලක කටයුතු ගුවන් තොටුපළ පරිශ්‍රයේ වෙනත් ස්ථානයක සිට සිදුකිරීමට පියවර ගෙන තිබේ.

ඉන්ඩියානා වලද ගුවන් පාලක මධ්‍යස්ථානයේ අධීක්ෂක නිලධාරියකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, සියළු වැඩකරන නිලධාරීන් පාලන මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

මීට අමතරව, මෙහෙයවන ලද ගුවන් අවකාශ හරහා ගුවන් ගමන් නැවත හරවා යවා තිබේ.

සියළු නිලධාරීන් නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

කොරෝනා වසංගත තත්වය තුළ චිකාගෝ මිඩ්වේ හා ලාස්වේගාස් ගුවන් තොටුපළ ගමනාගමන කුළුණු ද වසා දමා තිබේ.

ඇමරිකාවේ මේ වන විට කොරෝනා වසංගත තත්වය තුළ පුද්ගලයින් 264 මරණයට පත්ව ඇත.

සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 19,658 කි.

තවද, අද දින තුළ පමණක් පුද්ගලයින් 5 දෙනෙකු මරණයට පත්ව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි