×

ජිහාඩ් ජැක් ට මුදල් යැවූ මවුපියන් ට සිරදඬුවම්

ජැක් ලෙට් වයස අවුරුදු 18 දී ජෝර්දානය සහ ක්වේටය බාලා පිටත් වී ඇත්තේ අධ්‍යාපනය සහ සංචාරක අරමුණ ඇතිවයි.


එංගලන්තයේ සිට මැද පෙරදිගට පැමිණ ඉස්ලාම් ආගම වැළගත් ජිහාඩ් ජැක් ගේ දෙමාපියන්ව එංගලන්ත අධිකරණය මගින් වරදකරුවන් කරනු ලැබීය. ඒ ත්‍රස්තවාදය සදහා මූල්‍යමය ආධාර ලබා දුන් බවට චෝදනා ඔප්පු කිරීමෙන් පසුවයි.

ඒ අනුව ඔවුන් මාස 15ක කාලයක සිර දඩුවමකට ඔවුන්ව යටත් කරන ලදී.
ඔවුන්ගේ පුත් ජැක් ලෙට් වයස අවුරුදු 18 දී ජෝර්දානය සහ කුවේටය බාලා පිටත් වී ඇත්තේ අධ්‍යාපනය සහ සංචාරක අරමුණ ඇතිවයි. නමුත් පසුව ඔහු ඉස්ලාම ආගම වැළදෙන ඇති අතර ජිහාඩ් ජැක් නමින් isis සංවිධානය හා කටයුතු කිරීම අරඹා ඇත.

2015 වසරේ මාර්තුවේ එංගලන්ත පොලීසිය විසින් ඔහුගේ දෙමාපියන් වෙත අවධාරණය කර ඇත්තේ සිය පුතු වෙනුවෙන් මුදල් යැවීම හේතුවෙන් වරදකරුවන් විය හැකි බවයි. නමුත් ඔවුන් එම වසරේම සැප්කැම්බරයේ ඔහු වෙත මුදල් යවා ඇත්තේ තමන් ත්‍රස්තවාදය හා කිසිම කටයුත්තක් නොකරන බව යළි යළිත් කියා සිටී හේතුවෙනි.

කෙසේ වෙතත් මෙම දෙමාපියන් හට ත්‍රස්තවාදය වෙනුවෙන් ආදාර ලබා දීමේ චෝදනාව යටතේ දඩුවම් හිමි වූ අතර ඔවුන් තවමත් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ සිය දරුවා තවමත් එංගලන්ත ප්‍රරවැසියෙකු බවත් ඔහුව යළිත් සිය රටට ගෙන්වා ගැනීමට උදවු කරන ලෙසත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි