×

මාලි රාජ්‍යයේ ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාර දිගටම, 25ක් ඝාතනයට ලක්වේ!

මාලි රාජ්‍යයේ ජිහාඩ්වාදය හිස එසවීම පිළිබඳ වැඩි වශයෙන් ම කතාබහට ලක්වීම ආරම්භ වන්නේ 2012 වර්ෂයේදී ය.


බටහිර අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ මධ්‍යම කලාපයේ පසුගිය සඳු (සැප්තැම්බර් 30) සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් සොල්දාදුවන් 25 දෙනෙකු ඝාතනයට ලක්වී ඇති බවට එරට රජය නිවේදනය කරයි.

ප්‍රහාර හමුවේ තවත් 60 දෙනෙකු අතුරුදන් වී ඇති බවද වාර්තා වේ.

ජිහාඩ් අන්තවාදය හමුවේ ගොඩනැඟී ඇති ත්‍රස්ත ක්‍රියා උත්සන්න කලාපයක් ලෙස බටහිර අප්‍රිකාවේ මාලි රාජ්‍යය හැඳින්විය හැකි අතර, එරට රජය පවසන්නේ මෙම ප්‍රහාරය දියත් කරන ලද්දේ ජිහාඩ්වාදීන් විසින් බවට විශ්වාස කරන බවයි.

මීට පෙර ජිහාඩ්වාදීන් විසින් බොල්කෙසි හා මොන්ඩෝරෝ ප්‍රදේශ වල හමුදා කඳවරු ඉලක්ක කොට ගෙන ප්‍රහාර එල්ල කළ බවට බලධාරීන් නිවේදනය කර තිබුණද මරණ සංඛ්‍යාවක් පිළිබඳ වාර්තා නොවිණි.

මාලි රාජ්‍යයේ ජිහාඩ්වාදය හිස එසවීම පිළිබඳ වැඩි වශයෙන් ම කතාබහට ලක්වීම ආරම්භ වන්නේ 2012 වර්ෂයේදී ය. ඒ වන විට බටහිර අප්‍රිකාවේ මධ්‍යම කලාපයේ පිහිටා තිබෙන මාලි රාජ්‍යයේ අඩකට ආසන්න භූමි ප්‍රමාණයක් සන්නද්ධ ජිහාඩ්වාදීන් විසින් අත්පත් කර ගෙන තිබිණි. මෙමඟින් සිවිල් සේවකයින් විශාල ප්‍රමාණයක් ප්‍රදේශ හැර දමා ගිය බැවින් එරට රාජ්‍ය අධිකාරිය අතිශයින් දුර්වල හා අකර්මන්‍ය විය. ඇතැම් ප්‍රදේශවාසීහු තමා අත්විඳි අසරණභාවය හමුවේ ත්‍රස්ත කල්ලි වෙතින් ම ආරක්ෂාව පතා පැමිණ ඔවුනට සහය පළකිරීමට ඉදිරිපත් වූහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි