×

එල් චාපෝ – ලෝකයේ ලොකුම මත් රජා අත්අඩංගුවේ.

වයස අවුරුදු 61 වන එල් චාපෝ මින් පෙරත් දස වaතාවක් සාපරාධී වෙළදාම් , මත්ද්‍රව්‍ය නිවාරණයට එරෙහි කුමන්ත්‍රණ, කොකේන් හෙරොයින් මර්ජුවානා ආදී මත් ද්‍රව්‍ය ලෝකය පුරා බෙදා හැරීම ආදී හා ගිනි අවි භාවිතය සම්බන්ධව චෝදනා ලැබ ඇත.



ජෝක්වින් එල් චාපෝ ගුස්මෑන් ලෝකයේ විශාලම ආදායමක් ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුට එරෙහිව පැවති නඩු විභාගයකදී ඔහු විසින් ඉතා ලාබාල දැරියන් අපයෝජනය කළ බවට තොරතුරු අනාවරණය විය.

වයස අවුරුදු 13කටත් වඩා අඩු වයසේ දැරියන් අපයෝජනයට ලක් කරමින් එසේ කිරීමෙන් තමන්ගේ ජීවිතයට අවශ්‍ය විටමින් ලැබෙන බවට ඔහු විසින් කියා ඇති බවද මෙම නඩු විභාගයේදී සාක්ෂි ලෙස අනාවරණය වී තිබේ.

දැරියක් සදහා ඩොලර් 5000ක් වැනි මිලක් ඔවුන් ලබා දෙන පුද්ගලයින් වෙත ගෙවනු ලබන ඔහු ඇතැමි දැරියන්ට මතුද්‍රව්‍ය ලබා දී හා ඇතැම් දැරියන්ට එසේ නොකර අපයෝජනය කිරීමට ඔහු පෙළඹී ඇත.

වයස අවුරුදු 61 වන එල් චාපෝ මින් පෙරත් දස වතාවක් සාපරාධී වෙළදාම් , මත්ද්‍රව්‍ය නිවාරණයට එරෙහි කුමන්ත්‍රණ, කෙකේන් හෙරොයින් මර්ජුවානා ආදී මත් ද්‍රව්‍ය ලෝකය පුරා බෙදා හැරීම ආදී හා ගිනි අවි භාවිතය සම්බන්ධව චෝදනා ලැබ ඇත.

ලොව විශාලම මත්ද්‍රව්‍ය ජාවාරම් කරු ලෙස සැළ කෙන ඔහු වසරක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරමින් ඩොලර් බිලියන 30ක ආදායමක් උපයයි. මෙක්සිකානු ජාතිකයෙකු වන ඔහු මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම සම්බන්ධ ලෝක ප්‍රකට සංවිධානයක් වන සිනාලෝආ ගිවිසුමේ හිටපු නායකයා වන්නේද ඔහුය.
2009 සහ 2011 වසර වල ෆෝර්බුස් සගරාව විසින් ලොව බලසන්නම මිනිසුන් සිය දෙනා අතරින් එක් අයෙක් ලෙස ඔහුව නම් කරන ලදී. ඇමරිකා එක්සත් ජනපදයට වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අපනයනය කරන්නාද ඔහු වන්නේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි