×

ජෝ බයිඩ්න් – බොරිස් ජොන්සන් දුරකතන සංවාදයක !

මෙම සංවාදයෙන් පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බොරිස් ජොන්සන් සඳහන් කරන්නේ නව ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කර ගැනීමට ලැබීම සතුටට කරුණක් බවයි.


ඇමරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස පත් වූ ජෝ බයිඩ්න් මහතා සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා අතර පළමුවරට දුරකතන සංවාදයක් පවත්වා තිබෙනවා. එහිදී බ්‍රිතාන්‍ය අගමැතිවරයා, නව තනතරට පත් වූ ඇමරිකානු ජනාධිපතිවරයාට සුබපතා තිබෙනවා.

දෙරට අතර සමීප සබඳතා තවදුරටත් වර්ධනය කරගත යුතු බව දෙරටේම නායකයන් අවධාරණය කර තිබෙනවා.

මෙම සංවාදයෙන් පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බොරිස් ජොන්සන් සඳහන් කරන්නේ නව ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කර ගැනීමට ලැබීම සතුටට කරුණක් බවයි.

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දෙරටම එක්ව කටයුතු කළයුතු බවට එහිදී අවධාරණය වූ බවද අගමැතිවරයා සඳහන් කරනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ හිතුවක්කාරී තීරණ මත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම ආපහු හැරවීමට ඇමරිකානු නව ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියට අත්සන් කිරීමටද ජෝ බයිඩ්න් මහතා තීරණය කර තිබෙනවා.

මෙම තීරණ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැතිවරයා සිය ප්‍රසාදය පළකර තිබේ.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි