×

සෙලෙන්ස්කිගේ ඉල්ලීම කුණු කූඩයට ; ජෝ බයිඩන් F-16 ප්‍රහාරක ජෙට් යානා යැවීම ප්‍රතික්ෂේප කරයි

පසුගියදා රුසියාව විසින් නේටෝව හා එහි සාමාජික රටවලට චෝදනා කරනු ලැබුවේ, රුසියාවට එරෙහිව යුක්රේනයට යුක්රේනයට යුධ ආධාර ලබා දීම රුසියාවට එරෙහිව යුධ ප්‍රකාශ කිීමක් වශයෙන් ඔවුන් සලකන බවයි.


යුක්රේනය විසින් රුසියානු ප්‍රහාර වලින් සිය ගුවන් කලාපය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවස්ථා කිහිපයකදී එක්සත් ජනපයේ F-16 Fighting Falcons ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන මෙන් කළ ඉල්ලීම ජනාධිපති ජෝ බයිඩන් විසින් ප්‍රතික්ෂප කර ඇති බව වාර්තා වේ.

යුක්රේනය විසින් දිගින් දිගටම Eurofighters, Tornados, French Rafales සහ Swedish Gripen jets යානාවන් ලබා දෙන ලෙස සිය මිත්‍ර පාක්ෂිකයන්ගෙන් කළ අතර, එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණේ ජර්මන් ජනාධිපතිවරයා යුක්රේනයට ප්‍රහාරක ජෙට් යානා යැවීම ප්‍රතික්ෂේප කිරීමෙන් දිනකට පසුවය.

F-16 Fighting Falcons ප්‍රහාරක ජෙට් යානා වඩාත් බලසම්පන්න හා විශ්වාසදායී ජෙටි යානා ලෙස බොහෝ දෙනා සලකනු ලබන අතර මේ වන විට බෙල්ජියම සහ පකිස්ථානය යන රටවල භාවිතා කෙරේ.

කෙසේ නමුත් එක්සත් ජනපදය විසින් පසුගිය සතියේ Kyiv වෙත Abrams ටැංකි 31ක් සපයන බව නිවේදනය කර ඇති අතර ජර්මනියේ චාන්සලර් විසින් පසුගියදා Tagesspiegel වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් අවධාරණය කළේ, නේටෝ මිලිටරි සන්ධානය රුසියාව සමඟ යුද්ධයක නොසිටින බවත්, එවැනි තත්වයක් උත්සන්න වීමට ඉඩ නොදෙන බවත්ය.


නෙදර්ලන්තය ඇතුළු යුරෝපා සංගමයේ අනෙකුත් රටවල් ප්‍රහාරක ජෙට් යානා එවන්නේද යන්න පිළිබඳව තවමත් නිශ්චිත ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඊයේ(30) දිනයේදී ප්‍රකාශ කර තිබුණේ, යුක්රේනයට සහය දීමේදී මේ වන තෙක් කිසිවක් බැහැර නොකළ නමුත්, යුද්ධයේ තත්වය නැවත අවුලවාලීමට හෝ ප්‍රංශයේ ආරක්ෂව අවදානමට ලක් කිරීමට කටයුතු කළ නොහැකි බවයි.

පසුගියදා රුසියාව විසින් නේටෝව හා එහි සාමාජික රටවලට චෝදනා කරනු ලැබුවේ, රුසියාවට එරෙහිව යුක්රේනයට යුක්රේනයට යුධ ආධාර ලබා දීම රුසියාවට එරෙහිව යුධ ප්‍රකාශ කිීමක් වශයෙන් ඔවුන් සලකන බවයි. මේත් සමඟ එක්සත් ජනපදය හා ජර්මනිය ඇතුළු සන්ධානයේ සාමාජික රටවල් යුක්රේනයට මිලිටරි ආධාර යැවීමට මැලි වෙමින් ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි