×

ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බොල්ටන් ධූරයෙන් ඉවතට

ජෝන් බෝල්ටන් පවසන්නේ තමන්ව ඉවත් කලා නෙවෙයි තමන් විසින් සිය කැමැත්තෙන් ඉල්ලා අස් වූ බවයි.



තමන් විසින් ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශකවරයා ධූරයෙන් ඉවත් කර බවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් හෙළි කරයි.

මේ අතර ජෝන් බෝල්ටන් පවසන්නේ තමන්ව ඉවත් කලා නෙවෙයි තමන් විසින් සිය කැමැත්තෙන් ඉල්ලා අස් වූ බවයි.

ඒ කෙසේ හෝ වේවා මේ වන විට ජෝන් බෝල්ටන් ආරක්ෂ උපදේශක ධූරයෙන් ඉවත් වී ඇත.
2018 වසරේ අප්‍රේල් මස ආරක්ෂක උපදේශකවරයා ලෙස ධූරයේ කටයුතු ආරම්භ කළ ජෝන් ඩෝල්ටන් හිටි හැටියේ තමන් වෙත ඇමරිකානු ජනපතිවරයා භාර දුන් වගකීම පිළිබදව ඔහු කියා සිටියේ මම ඇමරිකාව ඉහළින්ම තබන්නට සූදානම් යනුවෙනි.


ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය ආරම්භ කිරීමට පෙර ඔහු ෆොක්ස් නිවුස් හී සේවය ක අතර ඊට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපතිවරයා ලෙස සේවය කරන ලදී. රොනල්ඩ් රේගන් සහ ජෝර්ජ් බුෂ් ඇමරිකානු ජනපතිවරුන් යටතේද සේවය කර ඇති ජෝන් බෝල්ට් ඔහු තමන්ගේ ඉවත්වීමට හේතු ලෙස දක්වන්නේ ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියට තමන්ට එකග විය නොහැකි බවයි.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවසන්නේ ජෝන් බෝල්ටන් යනු කලහකාරී උකුස්සෙකු බවයි. නමුත් ජෝන් බෝලටන් පවසන්නේ ට්‍රම්ප් විසින් අනුගමනය කරනු ලබන විදේශ ප්‍රතිපත්ති වලට තමන්ට කිසි සේත් එකග නොහැකි බවයි. ඒ අනුව මෑත කාලීනව විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධව පැවති සාකච්ඡා සදහා ආරක්ෂක උපදේශකවරයාගේ සහභාගීත්වය ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.
ඇමරිකානු ජනපතිවරයා ඇප්ගනිස්ථානය පිළිබදව මෙන්ම උතුරු කොරියාන පිළිබදව අනුගමනය කරමින් සිටින්නේ උපක්‍රමශීලී නොවන ආවේගශීලී ප්‍රතිපත්ති බව ජෝන් ඩෝල්ටන් පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි