×

ත්‍රාසය, හාස්‍යය මනාව ප්‍රේක්ෂකයාට ලබා දුන් ඒ අසහාය නලු ජොනී ඩෙප් ඔහුගේ නීතිඥවරිය සමඟ පෙම් පලහිලව්වක !

Us Weekly හි නව වාර්තාවකට අනුව, ඩෙප් බ්‍රිතාන්‍ය නීතිඥ ජොඑල් රිච් (Joelle Rich) සමඟ පෙම් සබඳතාවක් පවත්වන බව නවතම ආරංචි මාර්ග පවසයි.


Pirates of the Caribbean හි ජැක් ස්පැරොව් එහෙමත් නැතිනම් Charlie and the Chocolate Factory හි විලී වොන්කා ගේ භූමිකාවට පණ පෙවූ ඔහු ලොකු කුඩා කාගේත් රසාස්වාදයට තුඩු දුන් ප්‍රකට නලුවෙක් වන ජොනී ඩෙප් ය. ඔහුගේ අතිනත ගත් ඒ සුන්දරිය නමින් ඇම්බර් හර්ඩ් ය. නමුත් පසුගිය දිනවල බොහෝ සේ කතාබහට ලක් වූ Jhonny – Amber දික්කසාද නඩු තීන්දුව ඔබ අපට අලුත් කතාවක් නොවේ.

ඇම්බර් වරදකාරිය ලෙස නම් කරමින් මෙම නඩු විභාගයේදී ජොනී ජය ගත්තේය.

එම නඩු තීන්දු සහ ඔවුනොවුන්ගේ වෙන්වීම සිදුව දැනට මාස හතරක පමණ කාලයක් ගතව අවසන් වී ඇත. නමුත් කරලියට ආ නවතම ආරංචි මාර්ග වලට අනුව ජොනී තම නීතිඥවරිය සමඟ පෙම් පලහිලව්වක සිටින බවට තොරතුරු සමාජ මාධ්‍ය කලඹමින් මේ දිනවල සැරිසරයි.

මීට පෙර මෙවැනි සිදුවීමක් ලෙස නඩු විභාගයේ ඇම්බර් සමඟ තර්ක කරමින් සිටි Camille Vasquez සමඟ ජොනී සබඳතාවක් පවත්වන බව පවසා විවිධ කටකතා රාශියක් ද පැතිර ගියේය.

Us Weekly හි නව වාර්තාවකට අනුව, ඩෙප් බ්‍රිතාන්‍ය නීතිඥ ජොඑල් රිච් (Joelle Rich) සමඟ පෙම් සබඳතාවක් පවත්වන බව නවතම ආරංචි මාර්ග පවසයි.

ඩෙප්ගේ ඉහළ පෙළේ නඩු විභාගය පුරාම ‘රිච්’ වෘත්තීය වශයෙන් නොව පෞද්ගලික ව ඔහු සමඟ සිටි බව ද සඳහන් ය.

ඔවුන් මීට වසර දෙකකට පමණ පෙර සිට සබඳතාවය පවත්වන බව ඔවුන්ගේ ලඟින් ඇසුරුකරන්නන් පවසයි.

නවතම තොරතුරු දැනගත් විගස ඔබට ගෙන ඒමේ අපේක්ෂාවෙන් Jhonny – Rich පෙම් පලහිලව්ව පිළිබඳ අපි අවධානයෙන් සිටිමු.

-Nipuni Liyanage



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි