×

ජොනී ඩෙප්ගේ අපහාස නඩු විභාගයේදී කෙඳිරිලි හඬ නඟන ශ්‍රව්‍ය පටයක් අධිකරණයට ඉදිරිපත් කෙරේ

2014 මැයි මාසයේදී බොස්ටන් සිට පියාසර කළ ගුවන් යානයදී හර්ඩ්ට පහර දීම පිළිබද චෝදනාව ඩෙප් ප්‍රතික්ෂේප කළ අතර, ඔහු පවසා සිටියේ එය ඇය විසින් මවාපෑ දෙයක් බවයි.


තම හිටපු සැමියා වන ජොනී ඩෙප් තමාට අතවර කළ බවට චෝදනා කරමින් ඇම්බර් හර්ඩ් 2019 දී නිකුත් කළ ප්‍රකාශයත් සමඟ, ඩෙප්ට ආදරය කළ රසිකයන් සියල්ලම් පාහේ ඔහුව පිළිකුල් කරන්නට විය. ඔවුන්ට ඩෙප්ව එපාම විය. ඒ හේතුවෙන් සියලුම සමාජ ජාලා ඔස්සේ ඔහුව වාරණයටද ලක් විය. නමුත් හර්ඩ් විසින් කරන ලද චෝදනාව ව්‍යාජ එකක් බව තරවුරු වූයේ  මෙම වසරේ පෙබරවාරි මස 03 වන දා සමාජ ජාලා වලට නිකුත් වුණු ඩෙප් හා හර්ඩ්ගේ සංවාදයක් හේතුවෙන්. එයට අනුව හිංසනයට ලක්ව ඇත්තේ හර්ඩ් නොව ඩෙප් බව පෙනී යයි.

මෙම ශ්‍රව්‍ය පටය සමාජ ජාලා හරහා ව්‍යාප්ත වීමත් සමග ජොනී ඩෙප්ගේ රසිකයන් නැවතත් ඔහු වෙනුවෙන් හඬ අවදි කළේය. ඒ අනුව ඩෙප් තමාට එල්ල වූ අසත්‍ය චෝදනා වලට එරෙහිව ලන්සන් මහ අධිකරණයේ චෝදනාවක් ගොනු කළේය.

ජොනී ඩෙප්ගේ අපහාස නඩු විභාගය අතරතුර ඔහු පෞද්ගලික ජෙට් යානයක් තුළ කෙඳිරිලි නගන අයුර ප්‍රදර්ශනය කරන ශ්‍රව්‍ය පටයක් ඔහුට විරුද්ධ ලෙස ඉදිරිපත් වී ඇත.

මෙම පටිගත කිරීම 2014 දී ලොස් ඇන්ජලීස් වෙත ගමන් කළ යානයකදී පටිගත වූ බව කියැවෙන අතර, ඇම්බර් හර්ඩ් චෝදනා කරන්නේ ඔහු මත්පැන් පානය කරමින් ප්‍රචණ්ඩකාරීව හැසිරුණ බවයි.

තත්පර 18 ක ක්ලිප් එක අතරතුර කාන්තාවකගේ කටහඬින් “ඔහු ගැන විමසිල්ලෙන් සිටින්න” යැයි කියනු ඇසෙන අතර ඒ සමඟ පිරිමි පුද්ගලයකුගේ දිගු කෙඳිරි හඩක් ඇසෙයි.

නිව්ස් ගෲප් පුවත්පත්වල (එන්ජීඑන්) ට අයත් නීතිඥයින් පවසන්නේ මෙසේ කෙඳිරිගාමින් හඬනඟන්නේ ඩෙප් බවයි. ඩෙප් විසින් නිව්ස් ගෲප් පුවත්පත් සේවයට සහ විධායක කර්තෘ ඩෑන් වුටන් යන අයට එරෙහිව චෝදනා කර ඇති අතර එම චෝදනා වලට හේතුව වන්නේ 2018 දී එම පුවත්පත ප්‍රකාශයට පත් කරන ලද ලිපියක් මගින් ඔහු “බිරිඳට පහර දෙන්නෙකු – wife-beater” ලෙස ලේබල් ගැසීමයි.

ලන්ඩනයේ මහාධිකරණයේ දී, ඉදිරිපත් වූ මෙම ශ්‍රව්‍ය පටයේ දක්වෙන හඬ තමා බව ඩෙප් පිළිගෙන නොමති අතර ඔහු තවදුරටත් පවසා සිටියේ එම ජෙට් යානය තුළදී වෙන කිසිම කෙනෙකුද එසේ කෙඳිරි ගෑ බවට ඔහුට මතකයක් නැති බවයි.

ඔහු ශබ්දය පිළිබද විස්තර කළේ “වේදනාවෙන් සිටින සතෙකු නඟන කෙඳිරියක් මෙන්” වන අතර සාෂා වාස් QC ප්‍රතිචාර දැක්වූයේ “මම හිතන්නේ ඔබයි ඒ සත්වයා” යනුවෙනි.

ඇය තවදුරටත් ප්‍රශ්න කළේ ඩෙප් යානය තුළ සිහිය නැතිව සිටියා නේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් ඩෙප් කියා සිටියේ” මම සම්පූර්ණ බ්ලැක් අවුට් එකක සිටියේ නැහැ,මන්ද මට ගුවන් ගමනේදී සිදුවූ දේවල් පිළිබද මතකයි” යන්නයි. ඔහු තවදුරටත් පැවසුවේ ගුවන් යානයේ “කෑගැසීමේ හෝ කෙඳිරිගෑම්” තමාට මතක නැති බවත් යානය තුළදී ඔහු හා හර්ඩ් අතර බහින් බස් වීමක් සිදු වූ බව ඔහුට මතක බවයි.

“මම ඒ ක්ලිප් එක අදත් වරක් ඇසුවා. නමුත් ඒ මගේ කටහඬ නම් නොවේ” ඔහු ශ්‍රව්‍ය පටය පිළිබද කථාකරමින් පැවසීය. නැවත එය ඇසීමට කැමති දැයි වාස් මහත්මිය ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ “නෑ,, බොහොම ස්තුතියි.” ලෙසයි

එවිට ඔහු මෙසේ පැවසීය: “නමුත් ඒ ක්ලිප් එකේ සිටියේ මම නම්, මට ලොකු අවුලක් තියෙන්න ඇති.”

හර්ඩ්, ජේම්ස් ෆ්‍රැන්කෝ සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වූ බවට ඩෙප් චෝදනා කරමින් ඔවුන් දෙදෙනා යානයේ පියාසර කරමින් සිටියදී හර්ඩ්ට “අසභ්‍ය වචන කෑගැසූ” බව මහාධිකරණය වෙත පවසා සිටියේ හර්ඩ්ගේ පාර්ශවයයි.

2014 මැයි මාසයේදී බොස්ටන් සිට පියාසර කළ ගුවන් යානයදී හර්ඩ්ට පහර දීම පිළිබද චෝදනාව ඩෙප් ප්‍රතික්ෂේප කළ අතර, ඔහු පවසා සිටියේ එය ඇය විසින් මවාපෑ දෙයක් බවයි.

සබැදි පුවත්,

සැබෑ අපයෝජකයා ජොනී ඩෙප් නොව ඩෙප් අපයෝජකයකු බව ලොවට කෑගැසූ ඇම්බර් හර්ඩ් ය!

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි