×

බ්‍රෙක්සිට් ගිවිසුමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහය පළ කරනු ඇතැයි බෝජෝ විශ්වාසයෙන්

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතාව මාගේ පාර්ලිමේන්තු සගයන් අවබෝධ කරගනු ඇති.. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.


බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යාම පිළිබඳ ගිවිසුමට සහය පළ කරනු ඇතැයි තමා විශ්වාස කරන බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසයි. 

එළඹෙන සෙනසුරාදා (19) දින පාර්ලිමේන්තුව කැඳවීමේදී බ්‍රෙක්සිට් ගිවිසුම අනුමත කර ගැනීමට හැකි වනු ඇතැයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

යුරෝපා සංගමය මේ වන විට තමා ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් යෝජනා මාලාව අනුමත කොට ඇති බවත් එළඹෙන ඔක්තෝබර් 31 වන දින විට අර්බුදයකින් තොරව යුරෝපා සංගමයෙන් නික්ම යාමට බ්‍රිතාන්‍යයට හැකිවීමට මෙම ගිවිසුම පාර්ලිමේන්තු බහුතර කැමැත්ත මත තහවුරු කර ගැනීමට හැකි වනු ඇති බවට බොරිස් ජොන්සන් තම විශ්වාසය පළ කරයි. 

“එළඹෙන සෙනසුරාදා දින පාර්ලිමේන්තුවේ සිටිනා මාගේ සගයන් මෙම නව ගිවිසුම හැදෑරූ විට එයට සහය පළ කරනු ඇතැයි මා හට විශ්වාසයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී කැමැත්ත ඔවුන් අවබෝධ කර ගෙන ඇති බවත්, ඒ අනුව නීති සම්පාදකයින් මෙම ගිවිසුම තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව වටහා ගනු ඇති බවත් මා විශ්වාස කරනවා. එමඟින් අපට බ්‍රෙක්සිට් කඩිනම් කර ගත හැකි වේවි,” ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත්, මීට පෙරද ජොන්සන් තම බ්‍රෙක්සිට් යෝජනා මාලාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ අවස්ථා තුනකදීම එය ප්‍රතික්ෂේප වී තිබිණි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි