×

Johnson & Johnson එන්නතේ එක මාත්‍රාවක් ප්‍රමාණවත් බව පර්යේෂණයකින් හෙළි වෙයි

johnson & johnson එන්නත් නිෂ්පාදකයන් පවසන්නේ ඉදිරි සති 03 ක කාලය තුළදී එන්නත් තොග අපනයනය කිරීමට සූදානම් බවයි.


ඇමරිකාවේ johnson & johnson සමාගම විසින් නිෂ්පාදනය කරන කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීම හරහා ශරීරය තුළ කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තීකරණය ඇතිකළ හැකි බව පර්යේෂණයකින් හෙලි වී තිබෙනවා.

මෙම එන්නත ඇමරිකාව තුළ හදිසි භාවිතය සඳහා අවසර ලැබීමට නියමිත අතර හෙට දිනයේදී ඊට අදාල අවසන් තීරණය ගනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ෆයිසර් එන්නත සහ මොඩෙර්නා එන්නත සඳහා ඇමරිකානු බළධාරීන්ගේ අවසරය හිමිව තිබෙනවා.

johnson & johnson එන්නත සෙසු එන්නත්වලට වඩා ලාභදායී බවයි වාර්තා වන්නේ.

එසේම එම එන්නත භාවිතයද පහසු වන අතර සාමාන්‍ය ශීතකරණවල ගබඩා කර තබාගත හැකිය.

කෙසේ නමුත් ෆයිසර් එන්නත සහ මොඩෙර්නා එන්නත ගබඩා කර තැබීම සඳහා අධි ශීත ගබඩා පහසුකම් අවශ්‍ය වේ.

johnson & johnson එන්නත් නිෂ්පාදකයන් පවසන්නේ ඉදිරි සති 03 ක කාලය තුළදී එන්නත් තොග අපනයනය කිරීමට සූදානම් බවයි.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි