×

ඇමරිකාව සහ කැනඩාව තුළ Johnson & Johnson ළදරු පුයර විකිණීම අත්හිටුවයි.

මේ අතර 2018 වසරේදී ජොන්සන් සහ ජොන්සන් (J&J) පුයර වර්ග භාවිත කිරීමෙන් ඩිම්බකෝෂ පිළිකා වැළඳී ඇති බව කී කාන්තාවන් විසිදෙදෙනෙකුට ඩොලර් බිලියන 4.7ක් වන්දි වශයෙන් ගෙවන ලෙස ඇමරිකානු අධිකරණයක් එම සමාගමට නියෝග කර තිබේ.


 

ළදරු නිෂ්පාදන සදහා ලෝක ප්‍රසිද්ධ දැවැන්තයෙක් වන Johnson & Johnson සමාගම විසින් නිෂ්පාදනය කරන ළදරු පුයර කැනඩාව සහ ඇමරිකාව තුළ විකිණීම එම දෙරට විසින් තහනම් කිරීමට සූදානම් බව බී බී සී පුවත් සේවය අනාවරණය කරයි.

සමාගම විසින් සිදු කරන පුයර නිෂ්පාදන සිය පිළිකා රෝග තත්ත්වයන්ට මූලික හේතුව බව අදාළ නිෂ්පාදනයේ පාරිභෝගිකයින් දහස් ණනක් විසින් ගොනු කළ පැමිණිලි විභාග කිරීමෙන් පසු මෙම තත්ත්වය උදා වී ඇත.

මෙම නඩු විභාග කිරීමෙන් පසු අදාළ පාරිභෝගිකයින් වෙත ඩොලර් බිලියන ගණනක් වන්දි ගෙවීමට කටයුතු කරන ලෙස නියෝග කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

සමාගම විසින් සිදු කරන පුයර නිෂ්පාදන ඇස්බැස්ටෝස් සමග මිශ්‍ර වී ඇති බවට චෝදනා කෙරෙන පාරිභෝගික නඩු 16000කට වඩා වැඩි සංඛ්‍යාවක් Johnson & Johnson සමාගමට එරෙහිව ඇත.

මේත් සමග විශේෂයෙන්ම උතුරු ඇමරිකාව තුළ Johnson & Johnson නිෂ්පාදන සදහා ඉල්ලුම සීග්‍රෙයන් පහත බැසි ඇති බව අදාල ආයතනය පවසයි. කෙසේ වෙතත් අදාළ සමාගම පසුගිය ඔක්තෝබරයේ පවසා සිටියේ එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලන මණ්ඩලය විසින් සිදු කළ පර්යේෂණයන්හීදී ළදරු පුයර වල ඇස්බැස්ටෝස් නොමැති බවයි.

මේ අතර 2018 වසරේදී ජොන්සන් සහ ජොන්සන් (J&J) පුයර වර්ග භාවිත කිරීමෙන් ඩිම්බකෝෂ පිළිකා වැළඳී ඇති බව කී කාන්තාවන් විසිදෙදෙනෙකුට ඩොලර් බිලියන 4.7ක් වන්දි වශයෙන් ගෙවන ලෙස ඇමරිකානු අධිකරණයක් එම සමාගමට නියෝග කර තිබේ.

එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්තයේ අධිකරණ ජූරි සභාවක තීරණය අනුව අදාළ කාන්තාවන්ට ඩොලර් මිලියන 550ක් වන්දි වශයෙන් ගෙවිය යුතු බව තීරණය කළ අතර සහ සිදු වූ හානියට දඩ මුදලක් වශයෙන් තවත් ඩොලර් බිලියන 4.1ක් ඊට එකතු කළේය.

එම නඩුව ගොනු කළ කාන්තාවන් විසිදෙදෙනාගෙන් හය දෙනෙකු ඩිම්බ කෝෂ පිළිකා හේතුවෙන් මියගොස් ඇත. මීට අදාළව තම සමාගම විසින්න අභියාචනා ඉදිරිපත් කිරීමට බලාපෙරොත්තු වන බව අදාල සමාගම පවසා සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි