×

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ලන්ඩනයේදී අත්අඩංගුවට

අකටයුතු නාදකයා හෙවත් whistleblower කාර්ය ඉටුකරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවෙන් ලබා ගත් රහස් විකිලීක්ස් වෙබ් අඩවිය හරහා හෙළි කිරීම හේතුවෙන් ඔහු ලෝකය තුළ වඩාත් කථා බහට ලක් විය.


විකිලීක්ස් වෙබි අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් අද ලන්ඩනයේ පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබිණ. ඒ ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේ ආරක්ෂාව සදහා රැදී සිටියදීය. ජුලියන් අසාන්ජ් 2012 වසරේ සිට ලන්ඩනයේ පිහිටි . ඉක්වදෝර තානාපති කාර්යලායේ සරණාගත භාවය ලබා ගෙන සිටියේය.


ඔහුට විරුද්ධව එල්ල වී තිබූ විකිලික්ස් ආයතනයේ සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික හිසනයන් සිදු කිරීමේ චේදනාව යටතේ ජුලියන් අසාන්ජ් ට එරට අධිකරණය විස්න වරෙන්තු පනවා තිබිණි. නමුත් එම චෝදනාවන් ප්‍රතික්ෂේප කරමින් ඇසෑන්ජ් ඉක්වදෝර තානාපති කාර්යාලය තුළ වසර 7ක් තිස්සේ ආරක්ෂිතව කල් ගෙවන ලදී,

නමුත් ඉක්වදෝර රජය විසින් මෙතෙක් ඔහුට ලබා දී තිබූ ආරක්ෂණය ඉවත් කර ගැනීමත් සමග මෙසේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලීස්ය ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී, ඔහුව ඉතා ඉක්මණින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අකටයුතු නාදකයා හෙවත් whistleblower කාර්ය ඉටුකරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවෙන් ලබා ගත් රහසි විකිලීක්ස් වෙබ් අඩවිය හරහා හෙළි කිරීම හේතුවෙන් ඔහු ලෝකය තුළ වඩාත් කථා බහට ලක් විය. ඒ අනුව 2006 වසරේ සිට සංවිධානාත්මක ව රහස් අනාවරණය කිරීමේ අරමුණ ඇතිව ලාභ නොලබන රාජ්‍ය නොවන සංවිධානයක් වශයෙන් ‘විකිලීක්ස්’ අරඹන ලද්දේ ය.


වසර 7ක් තිස්සේ ලබා දුන් ඉක්වදෝරයේ ආරක්ෂණය ඉවත් කරමින් එරට ජනපති ලෙනින් මොරෙනෝ සිය ප්‍රකාශනය සහිත විඩියෝවක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඇසෑන්ජ්ගේ ”නොහික්මුණ සහ කලහකාරී හැසිරීම ඉක්ව දෝර තීරණයට ආසන්නතම හේතුව බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි