×

ජස්ටින් බීබර් තමා ලයිම් රෝගයෙන් පෙළෙන බව හෙළි කරයි!

ජස්ටින් බීබර් කිනිතුල්ලන් විසින් ගෙන යන බැක්ටීරියා මගින් ආසාදනය වූ ලයිම් රෝගයෙන් පෙළෙන බව මෑතකදී අනාවරණය කරගෙන තිබේ.


ජස්ටින් බීබර් කිනිතුල්ලන් විසින් ගෙන යන බැක්ටීරියා මගින් ආසාදනය වූ ලයිම් රෝගයෙන් පෙළෙන බව මෑතකදී අනාවරණය කරගෙන තිබේ.

25 හැවිරිදි බීබර් ඉන්ස්ටග්‍රෑම් සටහනක් ඔස්සේ බදාදා මෙම පුවත මුදාහැරියේය.

බොහෝ අය දිගින් දිගටම කියා සිටියේ ජස්ටින් බීබර් ක්‍රිස්ටල් මෙත් මත්ද්‍රවයට ඇබ්බැහි වීම හේතුවෙන් විරූපී ස්වරූපයක් ගෙන ඇති බවයි. මගේ, සම, මොළයේ ක්‍රියාකාරිත්වය, ශක්තිය සහ සමස්ත සෞඛ්‍යයට බලපාන නිදන්ගත මොනෝ රෝගයක් වන ලයිම් රෝගයෙන් පෙළෙන බව වටහා ගැනීමට ඔවුන් අපොහොසත් බව ඔහු සටහනේ දක්වා ඇත.

“මම යූ ටියුබ් වෙත ළඟදීම එක් කරන ලේඛන මාලාවක මේ කරුණු තවදුරටත් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි” යි පවසමින් ඔහු සටහන අවසන් කළේය.

ඔහු පවසා සිටියේ ඔහු සටන් කරුවකු බවයි. වසර කිහිපයක් පුරාවට නිවැරදි උපදෙස් අනුව ඖෂධ භාවිතය හේතුවෙන් ඔහු පෙරට වඩා සුවෙන් සිටින බව ඔහු කියා සිටියේය.

සෑම වසරකම ඇමරිකානුවන් 300,000 ක් පමණ ලයිම් රෝගයෙන් පෙළෙන බව රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි