×

සුපිරි ද්‍රවිඩ නළු කමල් හසන් ගෙන් ඉන්දියානු රජයට කනේ පහරක්!

ඉන්දියානු පුරවැසි සංශෝධන පනත පිළිබඳව සුපිරි නළු කමල් හසන්ට පැවසීමට දෙයක් තිබේ.. එයට ශ්‍රී ලංකාව අදාල වේ!


සුපිරි ද්‍රවිඩ නළු කමල් හසන් ට ඉන්දියානු රජයට ඉදිරිපත් කිරීමට පැණයක් තිබේ. ඒ මෑතකදී ඉන්දියානු පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් වූ පුරවැසි සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳවයි.

කමල් හසන් විමසන්නේ පුරවැසි සංශෝධන පනත ඉදිරිපත් කිරීම තුළින් මානව හිමිකම් ආරක්ෂා කරන්නේ හා සරණාගතයින් හට සහන සැලසෙන්නේ නම් ශ්‍රී ලංකාවේ දමිළ හා මුස්ලිම් ප්‍රජාවන් ට එය නිහඬ මන්ද යන්නයි.

කමල් හසන් මෑතකදී සිය නිල ට්විටර් ගිණුමේ පළ කළ පණිවුඩයක ඉන්දියාව පුරවැසි සංශෝධන පනත ඉදිරිපත් කොට එහි ශ්‍රී ලාංකික දමිළ හා මුස්ලිම් ප්‍රජා පිළිබඳ සඳහනක් නොවන්නේ මන්දැයි ප්‍රශ්ණ කර තිබිණි.

කමල් හසන් සිය ට්විටර් පණිවුඩය හරහා අවධාරණය කර සිටින්නේ පැහැදිලි ජන සංහාරයකට මුහුණ දෙන දමිළ ජනයා සහ විවිධ වෙනස්කොට සැලකීම් වලට ලක්වන මුස්ලිම් ප්‍රජාවන් මෙකී පුරවැසි සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් නොවීම වරදක් බවයි.

මෙම පණිවුඩය හරහා කමල් හසන් ශ්‍රී ලංකාව උදෘත කොට දක්වා තිබේ. ඔහු පෙන්වා දෙන්නේ පුරවැසි සංශෝධන පනත මඟින් ශ්‍රී ලංකාවේ වසන පීඩාවට පත්වූ දමිළ හා මුස්ලිම් ප්‍රජාවන් හටද පුරවැසිභාවය ලබා දිය යුතු බවයි. ශ්‍රී ලංකාවේ දශක තුනකට වැඩි කාලයක් මුළුල්ලේ සරණාගතයින් ලෙස වාසය කරන දමිළ ප්‍රජාවන් ඉන්දියාව වෙත ගෙන්වා ගැනීමට දිවංගත කලාශූරී රවි ෂංකර් මහත් වෙහෙසත් දරා තිබේ. එයට ද කන් නොදුන් ඉන්දියානු රජය මේ වන විට පාර්ලිමේන්තුව තුළ ලොක් සභාව මතභේදාත්මක පුරවැසි සංශෝධන පනත සම්මත කර තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා විසින් නියමු කරන ලද පුරවැසිභාවය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඉන්දියානු පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභාව විසින් බදාදා අනුමත කරන ලදී.

දකුණු ඉන්දීය සුපිරි නළු කමල් හසන් මීට පෙර අවස්ථාවන් ගණනාවක මහජනතාව සම්බන්ධ වන කතිකා පිළිබඳ දේශපාලන ප්‍රවේශයක් ගනිමින් වාචික වනු සුලභව දක්නට ලැබිණි. කෙසේවෙතත්, මෙවර දේශපාලනය පසෙක තබා කමල් හසන් සෘජුව ආමන්ත්‍රණය කොට තිබෙන්නේ හුදෙක් මානුශීය කරුණක් පිළිබඳ වීම විශේෂත්වයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි