×

උසේන් බෝල්ට් පරදවමින් මී හරක් පසුපස දිව යන තරුණයා

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ තරුණයෙකු තත්පර 9.55ක් ඇතුළත මීටර 100 දිවයන්නේය. ඒ අර්ථයෙන් ඔහු මිහිමත වේගවත්ම මිනිසා යැයි අන්වර්ථ නම් ලද උසේන් බෝල්ට්වත් පරදවන්නේය.


උසේන් බෝල්ට් ගේ මීටර 100 වාර්තාව සඳහා ඔහුට තත්පර 9.58 ක් අවශ්‍ය විය.

ඒ අනුව මේ තරුණයා ඒ දුර ප්‍රමාණය උසේන් බෝල්ට් ට වඩා තත්පර 0.03 කින් අවසන් කරයි.

ඔහුගේ වේගය මේ යැයි සනාථ කර ගත්තේ තත්පර 13.62 ක් ඇතුළත මීටර 142.50 ක දුරක් ඔහු විදුලි වේගයෙන් දිව යන බව හෙළිවීමත් සමග ය.

අවුරුදු 28 ක් වන ශ්‍රීනිවාස ගෝව්දා වෙරළබඩ කර්ණාටක ගම්මානයේ මේ නියැළෙන්නේ ලෝක මළල ක්‍රීඩා ඉසව්වක නොවේ. මේ ඔහුගේ විනෝදාංශයයි. ‘කම්බාලා‘ හෙවත් ගොනුන් පසුපස දිව යාම යනුවෙන් එය හැඳින්වේ.

කම්බාලා ක්‍රීඩාව කර්ණාටක ප්‍රාන්තයේ මැන්ගලෝර් සහ උඩුපි පළාත්වල අතිශය ජනප්‍රිය ය. මෙවර ඔහු කඩා දැමුවේ මේ ක්‍රීඩාවේ වසර 30 ක ඉතිහාසය තුළ පැවති වේග වාර්තාවයි.

එහිදී ඔහු දක්කන ගොන් බාන ද ඔහුගේ වේගයට බලපාන බව සැබවි. නමුත් මේ ක්‍රීඩාවේ යෙදිය යුත්තේ මඩ වතුර පිරුණු කෙතක බව අමතක නොකරන්න. ඒ අර්ථයෙන් ගත් විට මේ තරුණයා සැබවින්ම සිටින්නේ උසේන් බෝල්ට් ට තත්පර දශම බිංදුවයි තුනකටත් වඩා ඉදිරියෙන් ද විය හැකිය.

කොහොම නමුත් මේ වාර්තාව සමග ශ්‍රීනිවාස් එක් රැයකින් ඉන්දියාවේ තරුවක් වී තිබේ. දැන් ඉන්දියානුවන් කියන්නේ ඔහුව ඔලිම්පික් යැවීම සඳහා පුහුණු කළ යුතු බව ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි