×

විලාසිතා ලෝකයේ සුපිරි තරුව ”කාල් ලාගර්ෆෙල්ඩ්” ජීවිතයට සමුදෙයි.

සුප්‍රකට චැනල් සන්නාමයට ජීවය දුන්නේ ඔහු විසිනි.


ලොව සිටි අති විශිෂ්ඨ විලාසිතා නිර්මාණ කරුවෙකු මෙන්ම විලාසිතා ලෝකයේ සුපිරි තරුවක් වන කාල් ලාගර්ෆෙල්ඩ් සිය දිවියේ අවසන් ගමන් ගමන් සණිටුහන් කළේය. ඒ ඔහුට වයස අවුරුදු 85ක් සපිරුණු පසුවයි.

විලාසිතාකරණයේ ජාත්‍යන්තර සන්නාමයන් වන චැනල් හා ෆෙන්ඩි නියෝජනය කළ එම සන්නාමයන්ගේ නිර්මාණ අධ්‍යක්ෂකවරයා වූ ඔහු සිය අවසන් හුස්ම පොද දක්වාම නව විලාසිතාවන් ලෝකයට හඳුන්වා දීමට වෙහෙසවූවෙකි.

ජර්මන් ජාතික නිර්මාණකරුවෙකු වූ කාල් ලාගර්ෆෙල්ඩ් සුප්‍රසිද්ධ  ලාගර්ෆෙල්ඩ් සන්නාමයේ හිමිකරුද විය. ඔහුගේ වියෝව වෙනුවෙන් සිය ශෝකය පල කරන විලාසිතා ලෝකයේ දැවැන්ත චරිත අතරේ ඩොනටෙලා වර්ශේස් , වික්ටෝරියා බෙකම් වැනි සුප්‍රකට චරිත බෙහෝමයකි

සිය ජීවිතයේ අවසන් කාලය තුළ කළු සහ අඳුරු පැහෝ ඇඳුමට ප්‍රිය කළ ඔහුව බෙහෝ විට දැක ගත හැකි වී ඇත්තේද එවැනි ඇඳුම් සමගිනි. තමන්ගේ පෙනුම ගැන ඔහු සෑම විටම පවසා ඇත්තේ මම මාව දකින්නේ කදිම සිතුවමක් ලෙසයි.. මම එයට බෙහෝ කැමතියි යනුවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි