වසර 09කට පසු මෝදි රුසියාවට!
න්දීය අග්‍රාමාත්‍යවරයා අවසන් වරට රුසියාවේ සංචාරයක නිරතවී ඇත්තේ 2015 වසරේදී බව සඳහන් වේ.
සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
හෙට දිනයේ දී (08) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිත අතර, ඉන්දියාවේ ප්‍රධානතම වෙළද සහකරුවෙකු වන රුසියාවේ සංචාරයකට මෝදි අග්‍රාමාත්‍යවරයා එක්වන්නේ රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු පළමුවරටයි.
ක්‍රෙම්ලීනය නිවේදනය කරන්නේ, හෙට සහ අනිද්දා යන දෙදින තුළදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රුසියාවේ නිල සංචාරයට එක්වන බවත්, ඉන්දියාව හා රුසියාව අතර පවත්නා සාම්ප්‍රදායික මිත්රශීලීත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණෙන් මෙම සංචාරය සිදුකෙරෙන බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවසන් වරට රුසියාවේ සංචාරයක නිරතවී ඇත්තේ 2015 වසරේදී බව සඳහන් වේ.