×

සුප්‍රසිද්ධ ගායක කෙනී රොජර්ස් මෙලොවින් සමුගනියි

සුප්‍රසිද්ධ සංගීත තාරකාවක් වන කෙනී රොජර්ස් පසුගිය සිකුරාදා රාත්‍රියේ මිය ගිය බව ඔහුගේ පවුලේ අය ප්‍රකාශ කළ නිවේදනයක දැක්වේ. මිය යන විට ඔහුට වයස අවුරුදු 81 කි.


සුප්‍රසිද්ධ සංගීත තාරකාවක් වන කෙනී රොජර්ස් පසුගිය සිකුරාදා රාත්‍රියේ මිය ගිය බව ඔහුගේ පවුලේ අය ප්‍රකාශ කළ නිවේදනයක දැක්වේ. මිය යන විට ඔහුට වයස අවුරුදු 81 කි.

The Gambler,” “Lady,” “Islands in the Stream,” හා “Lucille,” වැනි ජනප්‍රිය ගීත රැසක් ලොවට දායාද කළ රොජර්ස් සිකුරාදා රාත්‍රී 10:25 ට ස්වාභාවික හේතූන් මත සැන්ඩි ස්ප්‍රින්ග්ස් හි නිවසේදී සාමකාමීව මිය ගිය බව නිවේදනයේ සදහන් වේ .

රොජර්ස් ලොව අංක එකේ ගීත නිමාණයන් 24 සිදු කර අති අතර ඔහුගේ ප්‍රත්භාවය අගයමින් පිදුණු සීඑම්ඒ සම්මාන හයක් සහ ග්‍රැමී තුනක් දිනා ගත් බව පවුලේ ප්‍රකාශය පවසයි.

ටෙක්සාස් හි හූස්ටන් හි උපත ලැබූ රොජර්ස් හැදී වැඩුණේ සහෝදර සහෝදරියන් හත්දෙනෙකු සමඟ ය. වයස අවුරුදු 20 දී එළිදක්වුණු ඔහුගේ පළමු ගීතය වූයේ That Crazy Feeling” ගීතයයි.

ඉන්පසු ඔහු ජෑස් කණ්ඩායමක් වන බොබී ඩොයිල් ට්‍රියෝ සමඟ එක් විය. 1966 දී නිව් ක්‍රිස්ටි මින්ස්ට්‍රල්ස් නම් ෆෝක් සංගීත කණ්ඩායමකට බැඳීමට ඔහුගෙන් ඉල්ලා සිටීමත් සමග ඔහුගේ ස්වර්ණමය සමය උදා විය.

රොජර්ස් පසුව හුදකලා සිය වෘත්තියහි නිරත වූ අතර 1977 දී පොප් සංගීත දර්ශක අතික්‍රමණය කළ ඔහුගේ Lucille වෙනුවෙන් පළමු ග්‍රැමී දිනා ගත්තෙය. ඔහුගේ ජනප්‍රියතම ගීතයන්ගෙන් එකක් වූයේ 1980 දී සති හයක් පුරා ගීත දර්ශක වල ඉහළින්ම තිබූ ලයනල් රිචී විසින් රචිත “Lady” ගීයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි