×

කෙන්යාව නව මුදල් ඇමතිවරයකු පත් කරයි!

කෙන්යානු කම්කරු අමාත්‍යධූරය දැරූ උකුර් යටානි පසු ගිය බදාදා (24) දින එරට අතුරුකාලීන මුදල් ඇමති ලෙස පත් කරන ලදී.


කෙන්යානු කම්කරු අමාත්‍යධූරය දැරූ උකුර් යටානි පසු ගිය බදාදා (24) දින එරට අතුරුකාලීන මුදල් ඇමති ලෙස පත් කරන ලදී.

කෙන්යාවේ හිටපු මුදල් ඇමති හෙන්රි රොටික් හට දූෂණ අක්‍රමිකතා චෝදනා මත නඩු පවරා ඇති හෙයින් යටානි මෙසේ එම වැඩබලන අමාත්‍යධූරයේ පත්කර ඇති බවට වාර්තා වෙයි.

හෙන්රි රොටික් එරට මුදල් අමාත්‍යධූරයේ වසර 7කට ආසන්න කාලයක් රැඳී සිටි අතර, වේලි දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට ටෙන්ඩර් කැඳවීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් නඩු පැවරී අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදුවී ඇත.

කෙසේ වෙතත්, පසුගිය අඟහරුවාදා (23) දින රොටික් එම චෝදනා වලට වරදකරු නොවන බවට පිළිගත් අතර, සිලිං මිලියන 15 ක ඇපයක් මත නිදහස් වූ රොටික් එම වේලි ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සිදුවූ අක්‍රමිකතා වලට චෝදනා ලැබූවන් 26 දෙනාගෙන් එක් අයෙකි.

රොටික් ලබන අගෝස්තු 08 වන දින නැවත අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි