×

‘කර්සෝන්’ අසරණ වෙයි!

ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 10දෙනෙකු මිය ගොස් තිබේ.


යුක්‍රේනයේ ‘කර්සෝන්’ නගරයට අඛණ්ඩව දෙවැනි දිනටත් රුසියාව ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 10දෙනෙකු මිය ගොස් තිබේ.

කර්සෝන් නගරයේ ආණ්ඩුකාරවරයා සදහන් කර ඇත්තේ ප්‍රදේශයේ තිබෙන නිවාස සහ මහල් ගොඩනැගිලි කිහිපයක්, නැව් අංගනයක් මෙන්ම පාසල් ගොඩනැගිල්ලක් ද ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇති බවයි.

ඉන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

මේ අතර යුක්‍රේනයේ බිඳවැටුණු විදුලිබල පද්ධති නැවත යථාතත්වයට පත්කරමින් සිටින බව එරට බලධාරීන් සදහන් කරයි.

ශීත ඍතුව යුරෝපාකරයට පැමිණීමත් සමඟ විදුලිය නොමැතිව නිවාස උණුසුම් කිරීමෙ යන්ත්‍ර ක්‍රියාත්මක කරගැනීමට නොහැකිව යුක්‍රේන ජනතාව දැඩි පීඩාවට පත්ව ඇත.

රෂිකා හෙන්නායක



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි