×

කිම් යෝ ජොං එක්සත් ජනපදයට හා දකුණු කොරියාවට එරෙහිව අනතුරු අඟවයි

පසුගියදා දකුණු කොරියාව හා ඇමරිකා එක්සත් ජනපදය න්‍යෂ්ටික අවි ගිවිසුමකට එකඟ වීම ඊසානදිග ආසියාවේ සහ ලෝකය වඩාත් බරපතල අනතුරකට නිරාවරණය කරමින් සාමය හා ආරක්ෂාව අභියෝගයකට ලක් කිරීමක් වන එහෙයින් මෙම ගිවිසුම පිළිගත නොහැකි ගිවිසුමක් බවත්, කිම් යෝ ජොං වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.


උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සොයුරිය වන කිම් යෝ ජොං විසින් උතුරු කොරියාවට එරෙහිව දකුණු කොරියානු න්‍යෂ්ටික ආරක්‍ෂාව ඉහළ නැංවීම සඳහා වොෂින්ටනය සහ සෝල් අතර මේ සතියේ ඇතිකරගත් න්‍යෂ්ටික ගිවිසුමට එරෙහිව සිය විරෝධය පල කරමින්, අනතුරු අඟවා ඇති බව නිල කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (KCNA) වාර්තා කර තිබේ.

සතුරන් න්‍යෂ්ටික යුද අභ්‍යාසවල යෙදී කොරියානු අර්ධද්වීපය අවට න්‍යෂ්ටික ක්‍රියාකාරකම් තීව්‍ර කිරීම උතුරු කොරියානු ආත්මාරක්ෂාව වෙනුවෙන් බලවත් තර්ජනයක් බවත්, පසුගියදා දකුණු කොරියාව හා ඇමරිකා එක්සත් ජනපදය න්‍යෂ්ටික අවි ගිවිසුමකට එකඟ වීම ඊසානදිග ආසියාවේ සහ ලෝකය වඩාත් බරපතල අනතුරකට නිරාවරණය කරමින් සාමය හා ආරක්ෂාව අභියෝගයකට ලක් කිරීමක් වන එහෙයින් මෙම ගිවිසුම පිළිගත නොහැකි ගිවිසුමක් බවත්, කිම් යෝ ජොං වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

උතුරු කොරියානු ආයුධ ප්‍රදර්ශනයේ වේගය සහ එක්සත් ජනපද-දකුණු කොරියානු මිලිටරි අභ්‍යාසවල වේගය පසුගිය වසර පුරා වැඩි වී ඇති අතර 2022 ආරම්භයේ සිට උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ඇතුළුව මිසයිල 100 ක් පමණ අත්හදා බලා ඇති අතර, තහනම් නොතකමින් න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් සඳහා අඛණ්ඩව සිය පර්යේෂණයන්හි නිරත වී ඇත.

උතුරු කොරියානු ආයුධ අත්හදා බැලීම්වලට සාපේක්ෂව එක්සත් ජනපද හා දකුණු කොරියාව ද සිය මිලිටරි අභ්‍යාසවල වේගය පසුගිය වසර පුරා වැඩි වී ඇති හෙයින් කොරියානු අර්ධද්වීපය පුරා උග්‍ර ආතතීන් මතුව තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි