×

ජීවිතය අයදිමින් දිව ගිය ඈ අද.. – නාපාම් දැරිය

පාන් තී කිම් ෆූ ට නේපාම් හී දැරිය යන නම ලැබෙන්නේ වියට්නාම් යුද්ධයේදී ඈ අත් දුටු බිහිසුණ අත් දැකිමද සමගිනි.


නාපාම් දැරිය … යුද්ධයේ කෲරත්වය ගැන පමණ ඉක්මවූ සාක්ෂියකි. ඇය දැන් 55 හැවිරිදි ධෛර්ය වන්තියකි. කිම් ෆූ හෙවත් නේපාම්  දැරිය ට නෙබෝදා ජර්මනියේදී සාමය වෙනුවෙන් කළ සේවයට සම්මානයක් පිරිණැමිනි.

පාන් තී කිම් ෆූ ට නාපාම් දැරිය යන නම ලැබෙන්නේ වියට්නාම් යුද්ධයේදී ඈ අත් දුටු බිහිසුණ අත් දැකිමද  සමගිනි. ඇය එවිට නව හැවිරිදි දැරිවියකි. 1972 වසරේදී දකුණු වියට්නාමය විසින් උතුරු වියට් නාමයේ පිහිටි කිම් ෆු ගේ ගම වන ට්‍රාන්ග් බෑන්ග් මතට නේපාම් බෝම්බ හෙළන ලදී. ඒ එහි උතුරු වියට්නාම සෙබළුන් ඇතැයි ඔවුන් සැක කිරීම හේතුවෙනි.

ඈද ඇතුළුව ඇගේ ගම් වාසීන් සියල්ලන්ම නාපාම් ප්‍රහාර වලින් දැවී ගියහ,
නාපාම් හෙවත් ඒජන්ට් ඔරෙන්ජ් ප්‍රහාර වලදී සිදු වන්නේ ඊට හසුවන පුද්ගලයන් දැවී පිච්චී යෑමයි. එහිදී  බෙහෝ දරුවන්ට සිය දෙමවු පියන් ද දෙමවු පියන්ට දරුවන්ද අහිමි වී ගියහ. නව හැවිරිදි කිම් ෆූට නේපාම් ප්‍රහාර වලින් දැඩි පිළිස්සුම් තුවාල ඇති විය . ඉන් ගැල වී යෑමට ඈට කළ යුතුව තිබුණේ සිය ඇදි වතද උනා දමා බේරී පලා යෑම පමණි ඇය එසේ කලාය. පිළිස්සෙමින් දැවෙමින් සිටි ඇය ඇදි වතද නොමැතිව සම වයසේ දරුවන්ද සමගින් අනතුරින් මිදී යෑමට දිය යද්දී ඈව ඡායාරූප ශිල්පියෙකුගේ කැමරා ඇසට හසු විය. වියට්නාමයේ ඇමරිකානු පුවත් පතක මාධ්‍ය වේදියෙකු වූ නික් උට් සිය කැමරා ඇසට හසු වූ කිම් ෆු ගේ ඡායාරූපය.. නේපාම් දැරිය නම්න් නමු කලාය. එම වේදනාව හා ධෛර්ය කැටී වූ ඡායාරූපය සදහා 1973 වසරේදී ඔහුට පුලිට්සර් සම්මානය හිමි වන්නේය.

මෙම ඓතිහාසික ඡායාරූපය, වියට්නාම් යුද්ධය ගැන ලෝකයේ ඇස් ඇරවූ ඡායාරූපය බවට පත්විය. ඇමරිකානු ජනතාව, මේ යුද්ධයේ යුක්තියුක්තභාවය පිළිබඳ සිය පාලකයන්ව දැඩි සේ ප්‍රශ්නකිරීමට පටන් ගත්හ.

කිම් ෆූ පසු කාලීනව ඇය තමන් ලෙසින්ම යුද්ධයෙන් පීඩා විදින දරුවන් සදහා අති විශාල මෙහෙවරක් සිදු කිරීමට පටන් ගත්තාය. එය යුනෙස්කෝ සංවිධානය හා එක්ව සිය මෙහෙවර දියත් කළාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි