×

ට්‍රම්ප් කිම් දෙවන හමුවේ අවසන් දිනය.

'' හදිසියක් නැහැ අපි නිවැරදිම දේ කරනවා.. ''


උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් සහ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දෙවන වටයේ සාකච්ඡා මෙවර වියට්නාමයේදී පැවැත්විණ.

මෙවරද ඔවුන් දෙදෙනා අතර සාකච්ඡා කෙරුණ ප්‍රධාන මාතෘකාව වූයේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධවයි.
” හදිසියක් නැහැ අපි නිවැරදිම දේ කරනවා.. ”

ඩොනල්ඩ් අද දින පැවැත්වෙන සාකච්ඡාව පිළිබදව එසේ ප්‍රකාශ කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් හා තමන් අතර සිදු වූ දෙවන හමුව පිළිබදව අදහස් දක්වමවි උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් පැවසුවේ ”ඉතා හොද ප්‍රතිපලයක් ඉතා ඉක්මණින් බලා පොරොත්තු විය හැකි බවයි.”
කොරියානු අර්ධද්වීපයෙන් න්‍යෂ්ටික අවි තුරන් කිරීම සදහා අවශ්‍ය පදනම ඔවුන් මේ වන විට සකසමින් සිටී.

පසු ගිය වසරේ ජූනි මස සිංගප්පූරුවේදී පැවති පළමු සමුළුවෙන් පසු නැවතත් දෙවන සමුළුවක් සදහා ඔවුන් යොමු වූ යේ ප්‍රථම වර සිදු වූ අදහස් හුවමාරුවක් හා හදුනා ගැනීමක් පමණක් වූ නිසා බවත් මෙවර ස්ථිර පදනමක් සකස් කළ බව ඔවුන් පවසයි.

පළමු හමුවට පෙර කිම් හා ට්‍රම්ප් අතර පැවතියේ එකිනෙකා විවේචන එල්ල කිරීමේ හා තර්ජනය කර ගැනීමේ ද්වන්ධ සටනකි.
ට්‍රම්ප් විසින් කිම්ව ”ලිට්ල් රොකට් මෑන් ”ලෙස හැදින් වූ අතර කිම් ට්‍රම්ප්ව හැදින් වූයේ ”මානසික ව්‍යාකූලත්වයක් ඇති මහල්ලා” යනුවෙනි. නමුත් මේ වන විට තත්ත්වය වෙනස්ව ඇත. ට්‍රම්ප් පවසන්නේ කිම් ජොන් අන් යනු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බවත් තමන් අතර සම්බන්ධතාවය ඉතා ශක්තිමත් බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි