×

දෙවන එලිසබෙත් රැජිණියගේ නික්ම යාමත් සමඟ චාර්ල්ස් රජු “ජාතික ශෝක කාලය” ප්‍රකාශ කරයි!

දින හතක් වැනි කාලයක් ජාතික ශෝක කාල සීමාවක් ලෙස දැක්වේ


2022 සැප්තැම්බර් 08 වන දින (ඊයේ) අප අතරින් සමුගත් එක්සත් අධිරාජ්‍යයේ යෝධ පවුර වන නමින් දෙවන එලිසබෙත් රැජිණිය යි. ඇයගේ නික්මීමත් සමඟ වර්තමාන ‍රජු ලෙස චාර්ල්ස් කුමරා පත් විය. මෙවැනි කම්පනකාරී තත්ත්වයන් මත චාර්ල්ස් රජු විසින් තම මෑණියන්ගේ වියෝව හේතුවෙන් ජාතික ශෝක කාලයක් නම් කිරීමට තීරණය කර තිබේ. එනම් රැජිණගේ අවමංගල්‍යය දිනයේ සිට දින හතක් වැනි කාලයක් ජාතික ශෝක කාල සීමාවක් ලෙස දැක්වේ. කෙසේ වෙතත් අවමංගල්‍යය දිනය නම් තවමත් සඳහන් කර නොමැත.

“be observed from now until seven days after The Queen’s Funeral.”
-King charles

මිය යන විට 96 වැනි වියෙහි පසු වූ ඇය 1926 අප්‍රේල් මස 21 වන දින උපත ලබා ඇත. එතැන් පටන් මිය යන තෙක් ඇය රාජකීයත්වය දිවි හිමියෙන් ආරක්ෂා කළ අයෙකි. වර්තමානයේ ඇයගේ තනතුර චාර්ල්ස් කුමරුන්ට අත් වූ පසුව මීළඟ ඔටුන්න හිමි කුමරු ලෙස විලියම් කුමරු නම් දැරී ය.

රැජිණියගේ අවසන් කටයුතු සහ ඇයගේ ශෝක කාලයේ වගකීම් රාජකීය ශෝකය රාජකීය පවුලේ සාමාජිකයින්, රාජකීය ගෘහ කාර්ය මණ්ඩලය සහ රාජකීය නියෝජිතයින් මෙන්ම චාරිත්‍රානුකූල රාජකාරි සඳහා කැපවී සිටින භට පිරිස් විසින් සිදු කරන බව ද සඳහන් වේ.



නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි