×

මහා බ්‍රිතාන්‍යයේ III වන චාල්ස් රජුගේ නව රාජාණ්ඩුව ප්‍රකාශයට පත් කෙරේ (LIVE UPDATES)

III වන චාල්ස් රජු එක්සත් රාජධානියේ සහ ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජැමෙයිකාව, නවසීලන්තය සහ පැපුවා නිව්ගිනියාව ඇතුළු තවත් රාජ්‍ය 14ක රජු සහ ප්‍රධානියා වේ.


දිවංගත රැජිනගේ අවමංගල්‍යත් සමඟ චාර්ත්‍රානුකූලව III වන චාල්ස් රජුගේ නව රාජාණ්ඩුව ඩේවිඩ් වයිට් විසින් ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාලිගයට ඉහළින් ඇති බැල්කනියේ සිට ප්‍රකාශයට පත් කර තිබේ.


ලන්ඩනයේ සහ එක්සත් රාජධානියේ සිව් කොන පුරා ප්‍රකාශ කියවීමෙන් අනතුරුව එක්සත් රාජධානියේ අනෙකුත් අගනගරවන ස්කොට්ලන්තයේ එඩින්බරෝ, උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් සහ වේල්සයේ කාඩිෆ් සහ වෙනත් ස්ථානවල ප්‍රසිද්ධියේ නව රජුගේ රාජාණ්ඩුව නිවේදනය කර තිබිණි.


ඒ අනුව නව III වන චාල්ස් රජු එක්සත් රාජධානියේ සහ ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජැමෙයිකාව, නවසීලන්තය සහ පැපුවා නිව්ගිනියාව ඇතුළු තවත් රාජ්‍ය 14ක රජු සහ ප්‍රධානියා වේ.

නිල රාජාභිෂේකය ඉදිරියේදී සිදු වන බව ප්‍රකාශ වන අතර ඒ සඳහා වන කාලය තවමත් පැහැදිලි නැත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි