×

පියපුතු සෙනෙහේ විරසක කොයින්ඳෝ!

ලේ බැඳීම් අතර "පිය පුතු" සංකල්පය ලොව කිසිවකට නොදෙවෙනි වන බව


2022 වර්ෂයේ සැප්තැම්බර් 08 වන දින සිදු වූ එළිසබෙත් රැජිනියගේ අභාවයෙන් පසුව එක්සත් ‍රාජධානියෙහි වර්තමාන ‍රජු ලෙස තෙවන චාර්ල්ස් ‍රජු කිරුළු පැළඳූහ.

නව රාජාණ්ඩුව යටතේ සිය රාජකාරි වගකීම් බාරගත් ඔහු මෑතකදී රාජකාරී සුහඳ හමුවක් එක්සත් රාජධානියේ අගමැතිනිය වන ලිස් ට්‍රස් (Liz Truss) සමඟ පැවැත්විය.

ඡායාරූප: The Guardian

මෙම හමුව බැකින්ග්හැම් මාළිගයෙහි රජුගේ කාර්යාලයේ පැවැත්වූ අතර එහි දී ලිස් ට්‍රස් සහ රජු අතට අත දීමට යාමේදී ගත් වීඩියෝ දර්ශනයක් ITV හි ලිසී රොබින්සන් ට්විටර්( Twitter) ඔස්සේ ‍පළ කර තිබුණි. එම අවස්ථාව නැරඹූ රසික රසිකාවියන්ගේ උකුසු ඇස් කෙරෙහි ඉතා අපූරු ඡායාරූපයක් දැකගත හැකි විය.

එය වෙන කිසිවෙක් නොව හැරී කුමරුවන්ගේ සහ ඔහුගේ බිරිඳ වන මේගන් මාර්කල් ගේ විවාහ මංගල්‍යයයේ ඡායාරූපයකි.

රජ පවුලට නොගැලපෙන බැඳීමක් ඇති කර ගැනීම හේතුවෙන් හැරී කුමරු සමඟ චාර්ල්ස් රජු සිටියේ එතරම් සතුටු සිතකින් නොවේ. නමුත් එය වචනයක් පමණක් කරමින් ඔහුගේ පිය පුතු සෙනෙහේ ඉස්මතු කරන්නට එම ඡායාරූපය සමත්කම් දක්වයි.

ඡායාරූප: EWN

මෙයින් අපට ගත හැකි ආදර්ශය වන්නේ යම් යම් හැල හැප්පීම් සිත්වල ඇති වූවත් තම තමන්ගේ ලේ බැඳීම් අතර “පිය පුතු” සංකල්පය ලොව කිසිවකට නොදෙවෙනි වන බවයි.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි