×

උතුරු අයර්ලන්ත වැසියන් උදෙසා චාර්ල්ස් ‍රජු පෙනී සිටී!

"උතුරු අයර්ලන්ත ජනතාවගේ සුබසාධනය අපේක්ෂාවෙන් මම මගේ නව රාජකාරි භාරගනිමි!"


එක්සත් රාජධානියේ රාජකීය රජ පවුලෙහි වර්තමාන රජු වන චාර්ල්ස් ‍රජු ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට දැන් සිටම කටයුතු කරන බව පෙනී යයි.

චාල්ස් රජු 2022 සැප්තැම්බර් 13 වන දින උතුරු අයර්ලන්තයේ Royal Hillsborough හි එළිසබෙත් රැජිනගේ අවසන් කටයුතු වලින් අනතුරුව Hillsborough Castle හිදී මහජනතාව හමුවී තව දුරටත් මේ පිළිබඳ අදහස් දැක්වීය.

මෙහි දී ඔහු උතුරු අයර්ලන්ත ජනතාව හමුවේ ඔවුන්ගේ සුභසාධනය උදෙසා කටයුතු කරන බව දිවුරුම් දී ඇති බවට එරට මාධ්‍ය වාර්තා පෙන්නුම් කරයි.

මෙහි දී ඔහු තම මව ආදර්ශයට ගනිමින් ;
“උතුරු අයර්ලන්ත ජනතාවගේ සුබසාධනය අපේක්ෂාවෙන් මම මගේ නව රාජකාරි භාරගනිමි!”
යනුවෙන් ප්‍රකාශ කර තිබුනේ ය.

Nipuni Liyanage



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි