×

අම්ෆාන් හේතුවෙන් ඉන්දියාවේ කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක්:

මෙම ආපදා තත්වය හේතුවෙන් කොරෝනා වෛරස් සීමා කිරීම්, හදිසි සහ සහන කටයුතුවලට බාධාවක් වී තිබේ. සමාජ දුරස්ථ භාවය පිළිබද නියෝග හා නීති පිළිපැදීමට දුෂ්කර තත්වයක් උදා වී ඇති බැවින් වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීමට ඉඩ ඇති බවට ඇනතුරු ඇඟවීම් නිකුත් වී ඇත.


නැගෙනහිර ඉන්දියාවේ කොල්කටා නගරයට ඉතා බලවත් සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වී ඇති අතර එමඟින් ඉන්දියාව සහ බංග්ලාදේශය පුරා අවම වශයෙන් පුද්ගලයින් 84 දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

වෙරළබඩ ප්‍රදේශවල දරුණු සුළං හා වර්ෂාවෙන් ඇති කළ අම්ෆාන් සුළිකුණාටුව හේතුවෙන් බදාදා දින අභ්‍යන්තර නායයාම් ද ඇති වී ඇති බව වාර්තා වේ. කුණාටුව උතුරු දෙසින් පිහිටි භූතානය දෙසට ගමන් කරන විට එහි වේගය දුර්වල වෙමින් පවතී.

සුළිකුණාටුව හේතුවෙන් බොහෝ නිවාස වලට අලාභ හානි සිදු වී ඇති අතර, ගස් කඩා වැටීම හේතුවෙන් දුරකථන හා විදුලි පද්ධති වලටද දඩි ලෙස බාධා එල්ල වී ඇත. කොල්කටා හි බොහෝ මාර්ග ජලයෙන් යටවී ඇති අතර එහි මිලියන 14 ක ජනතාව විදුලිය නොමැතිව සිටිති.

මෙම අම්ෆාන් කුණාටුව 1999 සිට බෙංගාල බොක්කෙහි ඇති වූ පළමු සුපිරි සුළි කුණාටුව බව වාර්තා වේ. එය රට පුරා හමා යාමේදී සුළං තත්වය යම්තාක් දුරකට දුර්වල වී තිබුණද එය තවමත් දරුණු සුළි සුළඟක් ලෙස වර්ගීකරණය කර ඇත.

මෙම ආපදා තත්වය හේතුවෙන් කොරෝනා වෛරස් සීමා කිරීම්, හදිසි සහ සහන කටයුතුවලට බාධාවක් වී තිබේ. සමාජ දුරස්ථ භාවය පිළිබද නියෝග හා නීති පිළිපැදීමට දුෂ්කර තත්වයක් උදා වී ඇති බැවින් වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීම් නිකුත් වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි