×

උතුරු සිරියානු යුධ පිටියෙන් ඇමරිකානු හමුදාව සම්පූර්ණයෙන්ම ඉවතට

.


උතුරු සිරියාවේ ආරක්ෂක මෙහෙයුම් සදහා යොදවා ඇති සියළු ඇමරිකානු හමුදාව ඉන් ඉවත් කරන ලෙස ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපදෙස් දී ඇති බව ආරක්ෂක ලේකම් මාර්ක් ස්පෙන්සර් පවසයි.

මේත් සමග සිරියානු රජය සිය සහය සදහ සිරියාවේ උතුරු කලාපය වෙත හමුදා සහය ලබා දීමට පොරොන්දු වූ බවට සිරියානු කුර්දීස් වරුන් පවසයි.

උතුරු සිරියාවේ පවතින අවිනිශ්චිත තත්ත්වයන් හේතුවෙන් ඇමරිකාව ගන්නා ලද තීරණයත් සමග උතුරු සිරියාවේ කුර්දීස් වරුන්ට එරෙහි තුර්කියේ පහරදීම් වලින් මිදීම සදහා සිරියානු රජයේ සහය ඔවුන්ට අවශ්‍ය විය.

කුර්දීස් පාලනයේ පවතින සිරියානු ප්‍රදේශයන් වෙත පසුගියදා තුර්කිය මගින් එල්ල කළ ප්‍රහාර උත්සන්න වූ අතැ එහිදී සටන් කාමීන් මෙන්ම සාමාන්‍ය ජනතාවද විශාල වශයෙන් ජීවිතක්ෂයට පත්විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි