×

ලේඩි ගාගා ගේ සුරතල් සතුන් ආරක්ෂකට වෙඩි පහරක්. බලු පැටවුන් දෙදෙනෙකු පැහැර ගෙන.

ලොස් ඇන්ජලිස් පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, ෆිෂර් මහතා ට වෙඩි තැබූ පුද්ගලයා පිරිමියකු බවත් සුදු පැහැති වාහනයකින් පලාගොස් ඇති බවත් පවසයි.


සුපිරි ගායිකා ලේඩි ගාගා ගේ සුරතල් බලු පැටවුන් ඇවිදවීම සඳහා කටයුතු කරන රයන් ෆිෂර් මහතා ට බටහිර හොලිවුඩයේදී නාඳුනන පුද්ගලයකු විසින් වෙඩි තබා තිබේ.

එමෙන්ම, ඒ වන විට ඔහු භාරයේ සිටි ලේඩි ගාගා ට අයත් ප්‍ර්‍රංශ බුල්ඩෝග් වර්ගයේ බලු පැටවුන් වන කොජි සහ ගුස්ටව් පැහැරගෙන තිබේ.

වෙඩි තබන මොහොතේදී ෆිෂර් සතුව ලේඩි ගාගා ට අයත් බලුපැටවුන් තිදෙනෙකු සිට ඇති අතර, මිස් ඒ්ෂියා නම් තෙවන බලුපැටවා පැන ගොස් ඇත.

ෆිෂර් මහතා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර, තම පැහැර ගත් බලුපැටවුන් දෙදෙනා සොයා දෙන අයෙකුට ඇමරිකානු ඩොලර් ලක්ෂ පහක ත්‍යාගයක් ලබා දීමට ලේඩි ගාගා පොරොන්දු වී තිබේ.

ලොස් ඇන්ජලිස් පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, ෆිෂර් මහතා ට වෙඩි තැබූ පුද්ගලයා පිරිමියකු බවත් සුදු පැහැති වාහනයකින් පලාගොස් ඇති බවත් පවසයි.

පහර දුන් ගිනි අවිය මෙතෙක් සොයාගෙන නොමැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි