×

Update: ලේඩි ගාගා ගේ සුරතල් සතුන් ආරක්ෂක සුවින්, පැහැරගත් බලුපැටවුන් දෙදෙනා සොයාගනී, වෙඩිකරු නිදැල්ලේ!

අද (27) දිනයේ ලේඩි ගාගා ගේ පැහැර ගත් බලු පැටවුන් දෙදෙනා කාන්තාවක විසින් ලොස් ඇන්ජලිස් පොලීසිය වෙත භාර දී තිබේ. එම බලු පැටවුන් දෙදෙනා ලේඩි ගාගා ට අයත් බලු පැටවුන් බව ඇගේ විශේෂ නියෝජිත විසින් තහවුරු කර ගෙන තිබේ.


මීට දින දෙකකට ඉහත දී ඇමරිකානු සුපිරි ගායිකා ලේඩි ගාගා ගේ සුරතල් සතුන් ආරක්ෂක වූ රයන් ෆිෂර් මහතා ට නාඳුනන පුද්ගලයකු විසින් බටහිර හොලිවුඩයේදී වෙඩි තබා ඔහු අත සිටි ලේඩි ගාගා ට අයත් ෆ්‍රෙන්ච් බුල්ඩෝග් වර්ගයේ බලුපැටවුන් දෙදෙනෙකු සොරා ගැනීම පිළිබඳ පුවත අපි ඔබට වාර්තා කළෙමු.

මෙම සිදුවීමේදී ෆිෂර් මහතා භාරයේ ලේඩි ගාගාට අයත් බලුපැටවුන් තිදෙනෙකු සිට ඇති අතර, එක් බලු පැටවකු පලා ගොස් සිට පසුව සොයාගනු ලැබිණි.

තුවාල ලැබූ ෆිෂර් මහතා රෝහල් ගත කළ අතර, තම සොරා ගත් බලු පැටවුන් දෙදෙනා සොයා දෙන්නෙකු හට ඩොලර් ලක්ෂ 5 ක ත්‍යාගයක් දීමට තමා කටයුතු කරන බවට ලේඩි ගාගා ප්‍රකාශ කර තිබිණි.

අද (27) දිනයේ ලේඩි ගාගා ගේ පැහැර ගත් බලු පැටවුන් දෙදෙනා කාන්තාවක විසින් ලොස් ඇන්ජලිස් පොලීසිය වෙත භාර දී තිබේ. එම බලු පැටවුන් දෙදෙනා ලේඩි ගාගා ට අයත් බලු පැටවුන් බව ඇගේ විශේෂ නියෝජිත විසින් තහවුරු කර ගෙන තිබේ.

කෙසේ වෙතත්, මෙම කාන්තාවට එම බලු පැටවුන් දෙදෙනා හමු වී තිබෙන්නේ කෙසේ ද යන්න පිළිබඳ තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.

එමෙන්ම ෆිෂර් මහතා ට වෙඩි තබා බලු පැටවුන් දෙදෙනා පැහැර ගත් පුද්ගලයා තවමත් නිදැල්ලේ පසුවන බවද ලොස් ඇන්ජලිස් පොලීසිය සඳහන් කරයි.

එමෙන්ම මෙම කාන්තාව සැකකාර වෙඩිකරු හා සබඳතාවක් නොමැති බව තහවුරු කර ගත් බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම ෆිෂර් මහතා ගේ සෞඛ්‍යය තත්ත්වය මේ වන විට සුව අතට හැරෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තම සුරතල් සතුන් වෙනුවෙන් නිර්භීත ව ඉදිරිපත් වූ ෆිෂර් මහතාගේ ජීවිතය ගොඩගැනීමට තමාට හැකි උපරිමයෙන් කටයුතු කරන බවද ගාගා ප්‍රකාශ කළාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි