×

මා ඉල්ලා අස්වන්නේ නැහැ, හොංකොං නායිකා කැරී ලැම් අවධාරණය කරයි!

කැරී ලැම් මහත්මිය අවධාරණය කර සිටියේ තමා කිසි විටක හොංකොං නගරයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් ගැලවී යාමට ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කර නොැමැති බවයි.


හොංකොං නායිකා කැරී ලැම් අද (03) දින ප්‍රකාශ කර සිටියේ හොංකොං නගරයේ දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා ඉල්ලා අස්වීමට ඉඩ දෙන ලෙස ඇය කිසි විටෙකත් චීන රජයෙන් ඉල්ලා නොසිටි බවයි.

මා කිසි විටක ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කර නැහැ!
කැරී ලැම් මහත්මිය අවධාරණය කර සිටියේ තමා කිසි විටක හොංකොං නගරයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් ගැලවී යාමට ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කර නොැමැති බවයි.

ලැම් මේ බව ප්‍රකාශ කර සිටියේ හොංකොංහි මතුව ඇති දේශපාලනික අර්බුදකාරී වාතාවරණය තුළ තමා ඉල්ලා අස්වන්නේ යැයි බීජිං නගරයට ප්‍රකාශ කළේ යැයි මේදින වල පැතිර යන හඬපටයක් පිළිබඳ අදහස් දක්වමිනි.

එමෙන්ම, පෞද්ගලික සංවාද මෙසේ පටිගත කොට ප්‍රචාරය පිළිබඳ තම අප්‍රසාදය ද ලැම් මහත්මිය ප්‍රකාශ කර සිටියාය.

තමා තනතුරේ රැඳී සිටිය යුතුද නැත්ද යන තීරණය තමා පමණක් සතු දෙයක් බවත්, හොංකොං රජයට මතුව ඇති මෙම අර්බුදය විසඳිය හැකි බවත් ලැම් ප්‍රකාශ කර සිටියාය.

චීනයේ කොමියුනිස්ට් පක්ෂ පාලිත අධිකරණයේ නඩු විමසීම සඳහා චීනයේ ප්‍රධාන භූමි ප්‍රදේශයට හොංකොං ජනතාව යැවීමට කෙටුම්පත් කළ පිටුවහල් කිරීමේ පනත ට විරෝධය පළ කරමින් පසු ගිය ජූනි මස පටන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වීදි බසින ලදී.

ඵලදායී ප්‍රජාතන්ත්‍රවාදයක් ඉල්ලා වීදි බැසි විරෝධතාකරුවන් බීජිං නගරයට සෘජු තර්ජනයක් බවට මේ වන විට පත්ව තිබේ. බීජිං නගරය චෝදනා කර සිටින්නේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පසුපස ඇමරිකානු, බ්‍රිතාන්‍ය ඇතුළු විදේශ බලවතුන්ගේ අතපෙවීම් පවතින බවටයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි