×

නූතන බැරොකේ සංගීත රැජිණියගේ නිකුත් නොකළ ඇල්බමයට සිදු වූ යේ කුමක් ද?

ලොස් ඇන්ජලීස් හි මෙල්රෝස් ප්ලේස් හි සිටියදී ඇගේ ලැප්ටොප් පරිගණකය, දෘඪ තැටි සහ වීඩියෝ කැමරා ඇගේ මෝටර් රථයෙන් සොරකම් කර ඇති බව පැහැදිලි ය.


වෘත්තීයමය වශයෙන් Lana Del Rey ලෙස හඳුන්වන Elizabeth Woolridge Grant උපත ලැබුවේ 1985 ජුනි මස 21 වන දිනයි. ඇමරිකානු ගායිකාවක්, ගීත රචකයෙක් වන ඇය සමකාලීන බැරෝකේ සංස්කෘතිය සහ 1950-1960 ගණන්වල ඇමරිකානා සංගීතයට අපව කැන්ඳන් යයි. ඇය ග්‍රැමී සම්මාන හයක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් සඳහා නිර්දේශිත නාම අතරට එන්නට සමත්කම් දැක්වූ අයෙකි. මීට අමතරව බ්‍රිට් සම්මාන දෙකක්, එම්ටීවී යුරෝප් සංගීත සම්මාන දෙකක් සහ සැටලයිට් සම්මානයක් ඇතුළු විවිධ ඇඟයීම් රාශියකට උරුමකම් කී ඈ ගායන ලොව දිදුලන තරුවකි.

ඡායාරූප; Wikipedia
ඡායාරූප; wikimedia commons

Born to Die, Summertime Sadness, Video Games, Brooklyn Baby, Blue Jeans, Honeymoon, Love, Shades of Cool,.. ආදී ගීත රැසක හිමි කාරිය Lana Del Rey ය. ඇය තම ගීත තුළින් හැඟීම් උද්දීපනයක් සිඳු කරමින් ප්‍රේක්ෂකයාට නව රසක් ලබා දෙන ගායිකාවකි.

ලොස් ඇන්ජලීස් හි මෙල්රෝස් ප්ලේස් හි සිටියදී ඇගේ ලැප්ටොප් පරිගණකය, දෘඪ තැටි සහ වීඩියෝ කැමරා ඇගේ මෝටර් රථයෙන් සොරකම් කර ඇති බව පැහැදිලි කරන වීඩියෝ දර්ශනයක් ලානා මේ සතියේ ඉන්ස්ටග්‍රෑමය තුළින් අප සමඟ බෙදා ගත්තා ය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, සයිමන් සහ ෂුස්ටර් ( Saimon and Schuster) යන ඇයගේ ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතව තිබූ පොත සඳහා පිටු 200ක අත්පිටපතක් ද ඇයට අහිමි විය. එමෙන් ම ඇයගේ ලැප්ටොප් පරිගණකයේ අන්තර්ගතය දුරස්ථව මකා දැමුවත් තමා නිකුත් නොකළ ඇල්බම ඇතුළු ගීත ලේඛන අන්තර්ජාලය හරහා කාන්දු වීම තමා තවමත් දකින බව ඇය වැඩිදුරටත් පැවසීය.

“ඔබට සංගීතයක් ඇසෙන්නේ නම් එය තවමත් පිටතට නොපැමිණි නිසා කරුණාකර එයට සවන් නොදෙන්න” ඇය ශෝකාකූලව සිය රසිකයන්ගෙන් ඉල්ලා සිටියාය. එමෙන්ම ඇයගේ පොතෙහි පිටපත පිළිබඳව ඇය දැක්වූයේ කනස්සලු ස්වාභාවයකි.

ටේලර් ස්විෆ්ට්ගේ(Taylor Swift) ගේ ඉදිරි ඇල්බමය වන මිඩ්නයිට්ස් ඔන් ද එල්පී හි “ස්නෝ ඔන් ද බීච්” සමඟ එකතු වීමට ඇත්තේ කෙටි කාලයක් ලෙස දන්වමින් ස්විෆ්ට් ඇගේ සහයෝගිතාකරු වන ලානා “එතෙක් සිටිය හොඳම සංගීත කලාකරුවන්ගෙන් කෙනෙක් බව ද පැකිලිමකින් තොරව ප්‍රකාශ කර සිටියා ය.

ඡායාරූප; Los angeles times

Lana Del Ray ගේ රසිකයන් විසින් පවත්වාගෙන යනු ලබන ට්විටර් පිටුවක මෙසේ ඇගේ විඩියෝව පල කර තිබුණි.



නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි