×

මියන්මාරයේ ජේඩ් පතලක් නායයෑමෙන් 50 කට මරු කැඳවයි!

හපකාන්ත් ප්‍රදේශයේ නිසි නියාමනයකින් තොරව පවත්වාගෙන යනු ලබන පතල් මෙසේ නායයාම් වලට තුඩුදීම සුලභ සිදුවීමක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


උතුරු මියන්මාරයේ ජේඩ් පතලක කැනීම් කටයුතු අතරතුරදී හටගත් නායයාමකින් පුද්ගලයන් පනස් දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට එරට තොරතුරු අමාත්‍යංශය පවසයි.

මෙම ජේඩ් පතල කිඳා බැසීම තුළ එහි සේවය කළ පතල් කරුවන් සිරවී සිටින අතර, ඔවුන් ගේ ජීවිත බේරා ගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ.

උතුරු මියන්මාරයේ ජේඩ් පාෂාණ බහුල ප්‍රදේශයක් වශයෙන් සැලකෙන කැචින් ප්‍රාන්තයේ පිහිටි හපකාන්ත් ප්‍රදේශයේ මෙම ජේඩ් පතල පිහිටා ඇත.

පතල්කරුවන් එම පතලේ කැණීම් කටයුතු සිදුකරමින් සිටින අතරවාරයේ හටගත් අධික වර්ෂාව හේතුවෙන් මඩබරිත රැල්ලක් පොළව කිඳා බැසීමට හේතුවූ බවත් එයට හසුවීම නිසා මෙසේ පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වූ බවත් එරට ගිනිනිවීමේ සේවාව පලකළ ෆේස්බුක් සටහනක දැක්වේ.

හපකාන්ත් ප්‍රදේශයේ නිසි නියාමනයකින් තොරව පවත්වාගෙන යනු ලබන පතල් මෙසේ නායයාම් වලට තුඩුදීම සුලභ සිදුවීමක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි