×

ඊශ්‍රායලයේ ජෝර්දාන නිම්නයේ ලැව්ගින්නක්! දැඩි වගා හානි!

ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තාවක් නොමැත.


දකුණු ඊශ්‍රායලයේ උතුරට වන්නට පිහිටා ඇති ජෝර්දාන නිම්නයේ අයලා (Ayala) ස්වභාවික පරිසර පද්ධතිය අසල මීට සුළු මොහොතකට පෙර විශාල ලැව් ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙම ලැව් ගින්න මේ වන විටත් ව්‍යාප්ත වෙමින් පවතින අතර, අසල කෘෂිකාර්මික රටඉඳි වගාවලට ද හානි පමුණවමින් පවතින බවයි ජෙරුසලම් පෝස්ට් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

එම කලාපයේ පවතින දැඩි සුලං හේතුවෙන් මෙම ගින්න සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය මේ වන විට විවිධ දිශාවන්වලට පැතිර යමින් ඇති බවත් එම පුවත් සේවය වාර්තා කරයි.

එමෙන්ම, එම කලාපයේ ජීවත්වන මිනිසුන් බේරා ගැනීම සඳහා ගිනි නිවන භටඛණ්ඩ ගුවනින් මෙන්ම පොළවෙන් ද ළඟා වෙමින් සිටින අතර, ගින්න පාලනය කිරීමට දැඩි වෙහෙසක් දරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තාවක් නොමැත.

දකුණු ඊශ්‍රායලයේ ජෝර්දාන නිම්නය අසල පවතින දැඩි සුලං තත්ත්වය හේතුවෙන් මීට ඉහත අවස්ථා ගණනාවකදීම ලැව්ගිනි හටගෙන තිබෙන අතර, ඒ කලාපයේ කෘෂිකාර්මික ප්‍රදේශවලට මේ අන්දමින් දැඩි හානි සිදුව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි