×

පැරදුණොත් ට්‍රම්ප් ට වැඩ වරදියි : අධිකරණය ඔහු එන තෙක් බලා සිටියි

මේ එක්සත් ජනපද මැතිවරණ දිනයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය පරිදි වැඩ කටයුතු සිදු නොවුණහොත්, එනම් ඔහු ජයග්‍රහණය නොකළහොත් ඔහුට මුහුණ පාන්නට සිදුවන්නේ කුමන තත්වයකටද?


මේ CNN පුවත් සේවය ඒ පිළිබඳව කළ කරුණු සොයා බැලීමකි.

විමර්ශන ගණනාවක්

ජනාධිපති ධූරයත් සමග ඔහුට හිමිවන වරප්‍රසාද අහිමි වූ කල, ට්‍රම්ප්ට පෞද්ගලික පුරවැසියකු ලෙස- තනි පුද්ගලයකු ලෙස සහ ඔහු ගේ සමාගමට –  ඔහු ගේ වංචනික ක්‍රියා පිළිබද විමර්ශන කිහිපයකට ම මුහුණ දෙන්නට සිදුවනු ඇත. ඔහුට හිංසන චෝදනා එල්ලකළ කාන්තාවන් ගේ චෝදනා ප්‍රතික්ශේප කිරීමෙන්, ඔහුට අපහාස චෝදනා ඔවුන් ගෙන් එල්ලවන්නට නියමිත ය. මේ කාන්තාවන් අතර ඔහුට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල කළ හිටපු සඟරා තීරු ලිපි රචිකාවක් වන ඊ. ජීන් කැරොල් ද වෙයි. මීට අමතරව, ඔහු පෞද්ගලික වාසියට තම ජනාධිපති ධූරය භාවිත කළ බවට ද චෝදනා එල්ල ව තිබේ.

ජනාධිපතිවරයා වශයෙන්, මේ විමර්ශන සහ නීතිමය පියවර කීපයක් ම හරස් කරන්නට ද ආපස්සට දමන්නට ද ට්‍රම්ප්ට හැකි විය – මීට වසරක් පුරා දිවෙන ඔහුගේ බදු ගෙවීම් සම්බන්ධ සිතාසියක් ද අයත් වේ — මේ ඔහු ගේ නිලය හා සම්බන්ධ බලය උපයෝගි කරගෙන ය. ඔහු නැවත ජනාධිපත් වුවත් නැතත්, මේ ගැටලු බොහෝමයක් අධිකරණය වෙත ගොස් අර්බුදකාරී තත්ත්වයක් ඇති කරනු ඇත.

සති කිහිපයක් ඇතුළත තීරණාත්මක තත්වයක්

සමීක්ෂණවලට අනුව, ට්‍රම්ප් ගේ ඩිමොක්‍රටික ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් ජනාධිපති තරගයේ ඉදිරියෙන් ම සිටින විටක, ට්‍රම්ප් ඡන්දයෙන් පරාජය වන්නට ඇති ඉඩකඩ ඉහළ ය. නිව්යෝක් චෝදකයන් ගෙන් එල්ල වන්නට නියමිත අපරාධ විමර්ශනයක් ද ඇතුළුව, නීතිමය ගැටලු රාශියක් ජනාධිපතිවරණයෙන් සති කීපයක් ඇතුළත පැන නැගෙන්නට නියමිත ය.

“ට්‍රම්ප් ගේ නිල කාලය අවසාන වීම, ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නට බලාසිටින සැමට ම සැම අයුරින් ම ඒ කටයුත්ත පහසු කරවන්නක්” මැන්හැටන් එක්සත් ජනපද කාර්‍යාලයේ හිටපු ෆෙඩරල් චෝදකයකු වන හැරී සැන්ඩික් පවසයි. උදාහරණයක් වශයෙන්, ඔහු අපරාධ නඩුවලින් සහ කොන්ග්‍රසය සම්බන්ධ නඩුවලින් විශාල ආරක්ෂාවක් සහ මුක්තියක් අත්විදිනවා. ඊට හේතුව ඔහු ජනාධිපති වීම යි.”

‘ජනාධිපති අපරාධ කොමිසමක්‘ ගැන යෝජනාවක් දැනටම

ඇතැමුන් විසින් ට්‍රම්ප් ගේ නිල කාලය අවසන් වූ පසු විමර්ශනය සදහා නිල යාන්ත්‍රණයක් යෝජනා කර තිබේ. කැලිෆෝනියාවේ ඩිමොක්‍රටික සාමාජිකයකු වන එරික් ස්වොල්වෙල් “ජනාධිපති අපරාධ කොමිසම”ක් නිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳ අදහස් පළ කර තිබේ.

ට්‍රම්ප් මුහුණ පාන වඩාත් බරපතල ම නීතිමය තර්ජනය, ට්‍රම්ප් ආයතනයේ මුදල් පරිහරණය සම්බන්ධයෙන් එල්ල වී ඇති මැන්හැට්න් දිස්ත්‍රික්ක නීතිඥ අපරාධ විමර්ශනය යි. මේ විමර්ශනයේ දී ට්‍රම්ප් සහ ඔහු ගේ සමාගම, බැංකු වංචාවක්, රක්ෂණ වංචාවක්, බදු වංචාවක් සහ ව්‍යාජ ව්‍යාපාර වාර්තා සැකසීමක් සම්බන්ධයෙන් සිදු කිරීම පිළිබද විමර්ශනය කරනු ලැබෙනු ඇත.

මේ අතරතුර, ට්‍රම්ප් ඔහුගේ ගිණුම් ආයතනයට අවුරුදු අටක බදු සහ මුදල් වාර්තා සම්බන්ධයෙන් එවා ඇති සිතාසියක් අභියෝගයට ලක් කර තිබේ. සිතාසිය නීත්‍යානුකූල බව අධිකරණ පහකින් දන්වා ඇති අතර, පසුගිය සතියේ ෆෙඩරල් අභියාචනාධිකරණය ඔහුගේ අභියාචනය ප්‍රතික්ෂේප කළේ ය.

“ඔහු දැන් ඉතා ම බලවත්. ඔහුට දැන් අධි චෝදනා කරන්නට නොහැකි බව ඔවුන් දන්නවා. එබැවින් දැන් නීතිමය පියවර ගොඩ නගා සූදානම් වීම කළ හැකියි. මම හිතන පරිදි, ඔහු ජනාධිපති කාර්‍යාලයෙන් නික්ම ගිය පසු සියල්ල ඉක්මනින් සිදුවේවි..” CNN දේශපාලන විශ්ලේෂිකාවක සහ චෝදකවරියක වන ජෙනිෆර් රොජර්ස් කියා සිටින්නී ය.

මූලාශ්‍රය – The legal reckoning awaiting Donald Trump if he loses the election



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි